Qatar Closes airspace – කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර කටාර්හි පිහිටා ඇති අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අමෙරිකානු පුරවැසියන් 8,000 ක් පමණ එහි වාසය කරති.
ඒ අනුව, කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකරමින් පවසා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසයි . කටාර්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අන්තර්ජාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.