Prison sentence – බලපත්‍ර නොමැතිව “සිඟිති” නමැති ඇතින්නක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206 ක දඩයක්ද නියම කෙරුණා.
එමෙන්ම අදාළ ඇතින්න රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම විත්තිකරුට මීට පෙර ඉදිරිපත් වී තිබූ “පෙර වරදක්” ද සලකා බැලීමෙන් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම නියෝගය නිකුත් කළා.



