Police arrested – රුපියල් කෝටි 21ක මුදලක් කොල්ලකෑමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු වෙල්ලම්බොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 08 වනදා වෙල්ලම්බොඩ පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට රත්‍රං අලෙවි කරන මුවාවෙන් පැමිණ එම පුද්ගලයා බියගන්වා පහර දී අදාළ නිවසේ තිබූ මුදල් සැකකරුවන් විසින් කොල්ලකා පලා ගොස් තිබුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති බවයි.
ඔවුන් දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා ලබන මස 06 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වෙලම්බොඩ පොලීසිය මගින් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.