More
    spot_img
    ArtPasses Away මිලින වී ගිය සාහිත කුසුම්!

    Passes Away මිලින වී ගිය සාහිත කුසුම්!

    -

    spot_img

    Passes Away – ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල,පළපුරුදු ප්‍රවීන ලේඛිකාවන් දෙපලක් සිය දිවි සැරිය නිම කොට තිබේ. ඒ, අනුල ද සිල්වා සහ සෝමා ටී. පෙරේරා යන මහත්මීන්ය. ඔවුන් දෙදෙනාගේම ඇති විශේෂත්වය වන්නේ පුවත්පත් කලාවේදිනියන් ලෙස කටයුතු කර තිබීම සහ විශිෂ්ට ඝනයේ පරිවර්තිකාවන් වීමය.

    1941 ජනවාරි 27 දින අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ උපත ලැබූ අනුල ද සිල්වා මහත්මිය 1941 වසරේදී සිය ප්‍රථම නවකතාව වන “උන්මන්තකයෝ” පාඨකයන් අතට පත් කළාය. ගුරුවරියක වශයෙන් ද කටයුතු කළ ඇය මිහිර ළමා පුවත්පත ඇතුළු පුවත්පත් අටක සේවය කර තිබුණාය. මායා බන්ධන,උත්තම ගැහැණු,නන්ද හා සරණ,තිත්ත කෝපි,දෙවියන්ගේ අඩවිය,මාතුබී මමයි,සමනළ හාදුව,අසම්මතය,කොන් කළ දෝණි,පාතාල ප්‍රේමය,අහස් මාළිගා,අත්තටු මැවිලා ඇගේ කෘතීන් අතරින් කිහිපයකි. අනුල ද සිල්වා මහත්මිය විසින් ශ්‍රී ලාංකික පාඨකයන්ට දායාද කළ කෘතීන් සංඛ්‍යාව 125 කට අධිකය. ඇය මියයන විට 82 වන වියෙහි පසුවූවාය.

    Passes Away

    Passes Away

    1946 වර්ෂයේ දකුණේ බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලද ඇය කුමරි,අරලිය,සඳරේණු,යුවතිපති වැනි යොවුන් සහ කාන්තා පුවත්පත් තුළින් පාඨකයන්ට සමීප වූවාය. සුදු හාමිනේ,හේමන්ත,නොපිරූ පිරුම්,ඉර හඳ යට හමුවී ඇගේ කෘතීන් අතරින් කිහිපයකි. ඇය විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කෘතීන් රැසකම පරිවර්තන පාඨකයන්ට තිළිණ කළ ලේඛිකාවකි. ඇනා කැරනිනා,ජේන් අයර්,ඔලිවර් ට්විස්ට්,මහල්ලා සහ මුහුද ඒ අතරින් කිහිපයකි. ඇය මියයන විට 77 වන වියෙහි පසුවූවාය.

    Passes AwayPasses Away

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page