More
    Fashion and BeautyObesity සිරුරේ තරබාරුව ස්වභාවිකව පාලනය කරන හැටි

    Obesity සිරුරේ තරබාරුව ස්වභාවිකව පාලනය කරන හැටි

    -

    spot_img

    Obesity – තරබාරුබව එහෙම නැත්නම් සිරුරේ බර වැඩිවීම අද වෙන විට බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක්. අහිතකර ආහාර රටාව, ව්‍යායාම නොකිරීම , නිසි ලෙස විවේක නොගැනීම වගේ ගොඩාක් පුරුදු මෙයට හේතුවෙන්න පුළුවන්. තරබාරුකම සමගින් හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානමත් ඉහළ යනවා. ස්වභාවිකවම සිරුරේ තරබාරු බව පාලනය කරගනිමින්, සොඛ්‍ය සම්පන්න සිරුරක් ලබා දෙන දේවල් කිහිපයක් ගැන තොරතුරුයි මේ. මේ දේවල් ඔබට මුළුතැන්ගෙයින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. 

    Obesity

    • ලෙමන් සහ මී පැණි පානය

    මද උණුසුම් ජලය වීදුරුවකට දෙහි බෑයක යුෂ සහ මී පැණි තේ හැඳි දෙකක් එක්කර උදෑසනට පානය කරන්න. මෙමගින් ඔබේ සිරුරේ පරිවෘත්තිය වේගවත් කර උදරයේ මේද තැන්පත් වීම අවම කරනවා. එපමණක් නොවේ මෙය ආහාර දිරවීම පහසු කරනවා මෙන්ම සම නිරෝගී කරනවා.

    Obesity

    • ග්‍රීන් ටී

    දිනකට 2 – 3 වතාවක් ග්‍රීන් ටී පානය කරන්න. මී පැණි තේ හැන්දක් එක් කරනවානම් වඩාත් ගුණදායකයි. කැෆේන් වලින් පොහොසත් ග්‍රීන් ටී මේදය දහනය කිරීමට උපකාරී වනවා පමණක් නොව ආතතිය අවම කර මනස සන්සුන් කිරීමට ද හේතු වෙනවා. (අධික ආතතිය බර වැඩිවීමට හේතුවක්)

    Obesity

    • කුරුඳු

    ප්‍රධාන ආහාර වේලකට පෙර මද උණුසුම් ජලය වීදුරුවකට කුරුඳු කුඩු හැන්දක් සහ මී පැණි ස්වල්පයක් දමා දිනකට එක් වරක් පානය කරන්න. මෙමගින් සිරුරේ බර පාලනය කරන අතර රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

    • යෝගට්

    දිනකට යෝගට් එකක් ආහාරයට ගන්න. යෝගට් ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට හේතුවන ආහාරයකි. සිරුරේ අමතර මේදය ඉවත් කරයි. අධි රුධිර පීඩනය, හෘද රෝගවලින් පෙලෙන අය සඳහාද සුදුසුයි.

    Obesity

    • දුරු

    උදෑසන ආහාරයට පෙර තැම්බූ දුරු වීදුරුවක් පානය කරන්න. නොකඩවා දින 20 – 30 ක් අතර මෙය පානය කිරීමෙන් උදරයේ තැන්පත්ව ඇති මේදය අඩු කරගැනීමට හැකියි.

    Obesity

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page