Fashion and BeautyObesity සිරුරේ තරබාරුව ස්වභාවිකව පාලනය කරන හැටි

Obesity සිරුරේ තරබාරුව ස්වභාවිකව පාලනය කරන හැටි

-

spot_img

Obesity – තරබාරුබව එහෙම නැත්නම් සිරුරේ බර වැඩිවීම අද වෙන විට බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක්. අහිතකර ආහාර රටාව, ව්‍යායාම නොකිරීම , නිසි ලෙස විවේක නොගැනීම වගේ ගොඩාක් පුරුදු මෙයට හේතුවෙන්න පුළුවන්. තරබාරුකම සමගින් හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානමත් ඉහළ යනවා. ස්වභාවිකවම සිරුරේ තරබාරු බව පාලනය කරගනිමින්, සොඛ්‍ය සම්පන්න සිරුරක් ලබා දෙන දේවල් කිහිපයක් ගැන තොරතුරුයි මේ. මේ දේවල් ඔබට මුළුතැන්ගෙයින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. 

Obesity

• ලෙමන් සහ මී පැණි පානය

මද උණුසුම් ජලය වීදුරුවකට දෙහි බෑයක යුෂ සහ මී පැණි තේ හැඳි දෙකක් එක්කර උදෑසනට පානය කරන්න. මෙමගින් ඔබේ සිරුරේ පරිවෘත්තිය වේගවත් කර උදරයේ මේද තැන්පත් වීම අවම කරනවා. එපමණක් නොවේ මෙය ආහාර දිරවීම පහසු කරනවා මෙන්ම සම නිරෝගී කරනවා.

Obesity

• ග්‍රීන් ටී

දිනකට 2 – 3 වතාවක් ග්‍රීන් ටී පානය කරන්න. මී පැණි තේ හැන්දක් එක් කරනවානම් වඩාත් ගුණදායකයි. කැෆේන් වලින් පොහොසත් ග්‍රීන් ටී මේදය දහනය කිරීමට උපකාරී වනවා පමණක් නොව ආතතිය අවම කර මනස සන්සුන් කිරීමට ද හේතු වෙනවා. (අධික ආතතිය බර වැඩිවීමට හේතුවක්)

Obesity

• කුරුඳු

ප්‍රධාන ආහාර වේලකට පෙර මද උණුසුම් ජලය වීදුරුවකට කුරුඳු කුඩු හැන්දක් සහ මී පැණි ස්වල්පයක් දමා දිනකට එක් වරක් පානය කරන්න. මෙමගින් සිරුරේ බර පාලනය කරන අතර රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

• යෝගට්

දිනකට යෝගට් එකක් ආහාරයට ගන්න. යෝගට් ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට හේතුවන ආහාරයකි. සිරුරේ අමතර මේදය ඉවත් කරයි. අධි රුධිර පීඩනය, හෘද රෝගවලින් පෙලෙන අය සඳහාද සුදුසුයි.

Obesity

• දුරු

උදෑසන ආහාරයට පෙර තැම්බූ දුරු වීදුරුවක් පානය කරන්න. නොකඩවා දින 20 – 30 ක් අතර මෙය පානය කිරීමෙන් උදරයේ තැන්පත්ව ඇති මේදය අඩු කරගැනීමට හැකියි.

Obesity

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you