NewsNimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

-

spot_img

Nimesh Sathsara – වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23 වන දා ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිෂ්වාන් ඊයේ (අප්‍රේල් 17) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයට නියෝග කළේ ය. අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් අනුව එම තරුණයාගේ මෘත දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බැවින් එම මෘත දේහය ගොඩ ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් කර ඇති ඉල්ලීමකට අනුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ නිලධාරීන් කරන ලද කරුණු දැක්වීම සළකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

එම තරුණයාගේ මෘත දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉකුත් 09දා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත කරන ලද නියෝගයක් අනුව එම ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය පත්කර ඇති බවද එම නියෝගය ප්‍රකාරව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවේ නාමලේඛනය අදාළ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය. ප්‍රධාන අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරත්න, ජ්‍යෙෂ්ඨ විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මුදිත විදානපතිරණ යන වෛද්‍යවරුන් එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.

එම තරුණයාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් එම මෘත ශරීරය නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සේනක පෙරේරා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ලක්ෂාන් ඩයස් මහතා ඇතුළු නීතිඥවරුන් ඉකුත් නඩු වාරයේදී මෝසමක් ගොනු කරමින් පෙර නඩු වාරයේදී දැක්වූ කරුණු සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබිණි. මෙම සිද්ධියේ මූලික විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ නමුත් වැඩ බලන පොලිස්පතිවරයාගේ දැනුම් දීම මත අප්‍රේල් මස 4 වන දා සිට එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට යොමු කර තිබේ.

එම තරුණයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමටද අවශ්‍යය පියවර ගෙන ඇති අතර තරුණයාට පහර දුන් බවට සැක කරන පොලිසිය තුළදී සොයාගත් පොලු කැබැල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවද ඊට අමතරව තරුණයාගේ මුදල් පසුම්බිය හා ඔහුගේ ජංගම දුරකතනය නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය. මියගිය තරුණයාගේ දේහය බදුල්ල ප්‍රදේශයේ මිහිදන් කර ඇති අතර මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී ඒ හා සම්බන්ධ ආරක්ෂාව සැලසීමට අවශ්‍ය නියෝගයන් සඳහා සහාය ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දෙනු ලැබීය.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you