More
    spot_img
    NewsMorocco earthquake සුන්බුන් අතර සිරවූ ජිවිත බේරාගැනීමට දැඩි සටනක්

    Morocco earthquake සුන්බුන් අතර සිරවූ ජිවිත බේරාගැනීමට දැඩි සටනක්

    -

    spot_img

    Morocco earthquake පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මොරොක්කෝව තුළ සිදුවූ භූමිකම්පාවෙන් තවමත් සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වනවා. ජීවිතාරක්ෂක කණ්ඩායම් වලට එම ස්ථාන වෙත යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම දුෂ්කර හෙයින් ගැමියන් දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා අතින් හා සවල් මඟින් සුන්බුන් හාරමින් සිටිනු දක්නට ලැබෙන බව BBC පුවත් සේවය වාර්තා කරයි. එහෙත්, දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ සමහරක් ඉතා දුරින් පිහිටා ඇති හෙයින් භූමිකම්පාවෙන් පසු දින කිහිපයක් ගතවුවද ඒ පෙදෙස් වලට ළඟා වීමට නොහැකි වී තිබෙන අතර තුවාල ලැබූ හා සුන්බුන් අතර සිරවූ බොහෝ දෙනෙකුට වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදය මෙය බව මොරොක්කෝ සහන සේවා නිලධාරීන්ගේ අදහසයි.

    Morocco earthquake

    දරුණු ලෙස බලපෑමට ලක් වූ බොහෝ ප්‍රදේශ පිහිටා ඇති හයි ඇට්ලස් කඳුකරයට යන මාර්ගය පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබෙනවා. ප්‍රාදේශීය රෝහල් හිස්ව ගොස් ඇත්තේ ඒවාට ඇතුළු වීම අනාරක්ෂිත නිසාය. ඒ වෙනුවට රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ රෝහල් භූමිය තුල තනා ඇති තාවකාලික කූඩාරම් වලය. රෝහල් අවට වීදි විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන්, අධික වාහන තදබදය සහ භූමිකම්පාවෙන් සියල්ල අහිමි වූවන්ගෙන් පිරී ඇත. නිවාස අහිමි වූ මිනිසුන් සඳහා මාර්ග දෙපස තවත් කූඩාරම් තනා ඇති නමුත් සෑම කෙනෙකුටම ඒවා ප්‍රමාණවත් තරමින් නොමැත. බිම අතුරා ඇති පාපිසි මත මිනිසුන් දහස් ගණනක් නිදා සිටිනු පෙනෙන්නට තිබේ.

    වසර සියයකට පමණ පසුව මොරොක්කෝවට බලපෑ දරුණුතම භූමිකම්පාවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 2,122 ක් මිය ගොස් 2,421 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර එරට රජය දින තුනක ශෝක දිනයක් සහ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. ලේ බැංකු, ජලය, ආහාර, කූඩාරම් සහ බ්ලැන්කට් තොග වැඩි කිරීම සඳහා සිවිල් ආරක්ෂක ඒකක යොදවා ඇති බව එරට රාජකීය මාළිගාව පවසා තිබෙනවා.

    -BBC News ඇසුරෙනි-

    Photo Credit: www.middleeasteye.com / www.indianexpress.com

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page