Masala Chai – හවස තේ එක වෙනුවට වෙනසකටත් එක්ක රසම රස චායි එකක් හදලා බලන්න. පහසුවෙන්ම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)

එළකිරි කෝප්ප 1
වතුර කෝප්ප 2
තේ කුඩු තේ හැඳි 2
එනසාල් කිහිපයක්
කරාබු නැටි කිහිපයක්
ඉඟුරු පේස්ට් තේ හැන්දක්
කුරුදු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් ඇට කිහිපයක්
සීනී
සාදන අන්දම
වතුර උතුරුවාගෙන එයට ඉඟුරු, තලාගත් කුරුදු, එනසාල් කරාබු නැටි, ගම්මිරිස් එක් කරන්න. ඉන්පසු තේ කුඩු එකතු කර හොඳින් උතුරවා ගන්න. මීළඟට එළකිරි සහ සීනි එකතු කරගන්න. ගින්දර අඩු කරමින් කිරිටික කැටි නොගැසෙන තුරු හොඳින් හැඳිගාන්න. මිනිත්තු 2-3 ක් පමණ තිබෙන්නට හැර ලිපෙන් බාගන්න. පෙරනයකින් පෙරාගෙන මසාලා චායි පිළිගන්වන්න.




