More
    NewsLocal Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    -

    spot_img

    Local Government Elections – 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද නාම ලේඛනය පදනම් කරගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නැවත නාම යෝජනා කැඳවීමට හැකි පරිදි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් යෝජනාවක් සම්මත කර තිබේ. නැවත නාම යෝජනා කැඳවීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය බලතල ලැබෙන පරිදි එකී කොමිෂන් සභාව විමසමින්, යෝග්‍ය විධි විධාන ඇතුළත් කර මෙම කෙටුම්පත සැකසීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා මෙම යෝජනාව සම්මත කරගෙන ඇති අතර යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්‍රි යන අය විසිනි.

    Local Government Election

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම යන මැයෙන් නිකුත් කර ඇති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ නිවේදනයට අනුව, 2024 වර්ෂයේ අලුත් කරන ලද ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයෙහි නම ඇතුළත්ව ඇති ලක්ෂ නවයකට අධික ඡන්දදායක පිරිසකට ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ලබා දීම සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමට ඇති අයිතිවාසිකම අහිමි වී යෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇතැයිද වයස අවුරුදු 18ක් සම්පූර්ණ වී ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇති සෑම පුරවැසියකුට ම සිය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතු නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා 2023 ජනවාරි මස නාම යෝජනා කැඳවා අවසන් වී ඇති බැවින් එකී නාම යෝජනා මත පවත්වනු ලබන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, එතෙක් ලියාපදිංචිව සිටි ඡන්දදායකයන්ට පමණක් බවට නිරීක්ෂණය වී ඇතැයිද සඳහන් වේ.

    Local Government Election

    එසේ ම, 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත සම්මත වීමෙන් පසුව පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා පත්‍රවල 25%ක තරුණ නියෝජනයක් සඳහා අවකාශ සැලසීම සිදු කළ යුතුව ඇතත්, 2023 වර්ෂයේදී නාම යෝජනා කැඳවා තිබීම හේතුවෙන් තරුණ ප්‍රජාව සඳහා එම අනිවාර්ය අවස්ථාව මග හැරී ගොස් ඇතැයි ද අසාධාරණයට ලක් විය හැකි තරුණ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා මෙම නීති සම්පාදනය කරන බව කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් දැක්වේ.

    Latest news

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 43

    රත් දෝතළු - 43 නිර්මාණි දුන් සායකුත් හැට්ටයකුත් හැඳගෙන මම විනිෆ්‍රීඩා මහත්මිය සොයා ඇගේ කාමරයට එන විට ඈ සිටියේ හිස...

    Boring Life එකේ Break එක Vacation එකක්

    Boring Life එකේ Break එක Vacation එකක් - People We Meet on Vacation Travel කරන්න කවුද අකමැති? වැඩ රාජකාරිවලින් ඈත්වෙලා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page