More
    spot_img
    NewsIranian Nuclear ඉරානයේ න්‍යෂ්ටික පිවිසුම ගැන කටාර් සාකච්ඡා

    Iranian Nuclear ඉරානයේ න්‍යෂ්ටික පිවිසුම ගැන කටාර් සාකච්ඡා

    -

    spot_img

    Iranian Nuclear වැඩසටහන සහ ඉරාන ඩ්‍රෝන් යානා රුසියාවට ලබාදීම ගැන ඇමරිකාවේ කනස්සල්ල පිළිබඳව කටාරය, මේ සතියේ ඇමරිකාව සහ ඉරානය සමඟ වෙන,වෙනම ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වූ බව මේ සම්බන්ධ විශ්වාසවන්ත ප්‍රවෘත්ති මූලාශ්‍ර දෙකක් බදාදා ප්‍රකාශයට පත් කර තිබු බව Reuters පුවත් සේවය වාර්තා කරයි. කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසන්නේ මෙම හමුව සහ ඇමරිකා -ඉරාන සිරකරුවන් හුවමාරුව අතර සම්බන්ධයක් නොමැති බවත්,තමන් ඒ සඳහා මැදිහත් නොවූ බවත්ය.

    Iranian Nuclear

    ප්‍රවෘත්ති මුලාශ්‍ර ලබාදීමේදී එම ප්‍රවෘත්තියේ සංවේදීභාවය සළකා එය නිර්නාමිකව ලබාදී ඇති අතර නිව්යෝර්ක්හි වාර්ෂික එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව එම හමුව පැවති බව පමණක් සඳහන් කර තිබේ. එමෙන්ම මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්, මේ සතියේ අමතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන බව පැවසූ නමුත් වැඩිදුර තොරතුරු ලබාදීමෙන් වැළකී සිටි බව සඳහන්. මේ පිළිබඳව විස්තර ලබාගැනීමට Reuters පුවත් සේවය ඉරාන,කටාර් සහ ඇමරිකානු රාජ තාන්ත්‍රික නිලධාරින් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඔවුන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සෘජුව ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.

    Iranian Nuclear

    ටෙහෙරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් මැඩපැවැත්වීම සහ ඇමරිකානු සම්බාධක දැඩි කිරීම අරමුණු කරගත් 2015 ගණුදෙනුවලින් එවක ජනාධිපති Donald Trump ඉවත් වූ බැවින්, 2018 සිට ඇමරිකාව සහ ඉරානය අතර සබඳතා දුර්වලව පැවතිණි. මේ අතර යුක්‍රේනයට පහර දීම සඳහා ඉරානය රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දී ඇති අතර ටෙහෙරානය එය නතර කිරීමට අවශ්‍ය බව ද ඇමරිකාව පවසයි. නමුත් යුක්‍රේනයට පහරදීම සඳහා තමන් රුසියාවට ඩ්‍රෝන යානා ලබාදී නොමැති බවයි ඉරානය පවසන්නේ. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පාලනය කිරීමට Joe Bidan පරිපාලනය දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර ඉරානයේ න්‍යෂ්ටික දියුණුව හේතුවෙන් ඔවුන් පාලනයෙන් තොර වී ඇති බවයි බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අදහස.

    -Reuters ඇසුරෙන් Parisa Hafezi, Jonathan Landay සහ Arshad Mohammed විසිනි.

    Photo Credit: www.reuters.com

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page