More
    NewsIranian Nuclear ඉරානයේ න්‍යෂ්ටික පිවිසුම ගැන කටාර් සාකච්ඡා

    Iranian Nuclear ඉරානයේ න්‍යෂ්ටික පිවිසුම ගැන කටාර් සාකච්ඡා

    -

    spot_img

    Iranian Nuclear වැඩසටහන සහ ඉරාන ඩ්‍රෝන් යානා රුසියාවට ලබාදීම ගැන ඇමරිකාවේ කනස්සල්ල පිළිබඳව කටාරය, මේ සතියේ ඇමරිකාව සහ ඉරානය සමඟ වෙන,වෙනම ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වූ බව මේ සම්බන්ධ විශ්වාසවන්ත ප්‍රවෘත්ති මූලාශ්‍ර දෙකක් බදාදා ප්‍රකාශයට පත් කර තිබු බව Reuters පුවත් සේවය වාර්තා කරයි. කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසන්නේ මෙම හමුව සහ ඇමරිකා -ඉරාන සිරකරුවන් හුවමාරුව අතර සම්බන්ධයක් නොමැති බවත්,තමන් ඒ සඳහා මැදිහත් නොවූ බවත්ය.

    Iranian Nuclear

    ප්‍රවෘත්ති මුලාශ්‍ර ලබාදීමේදී එම ප්‍රවෘත්තියේ සංවේදීභාවය සළකා එය නිර්නාමිකව ලබාදී ඇති අතර නිව්යෝර්ක්හි වාර්ෂික එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව එම හමුව පැවති බව පමණක් සඳහන් කර තිබේ. එමෙන්ම මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්, මේ සතියේ අමතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන බව පැවසූ නමුත් වැඩිදුර තොරතුරු ලබාදීමෙන් වැළකී සිටි බව සඳහන්. මේ පිළිබඳව විස්තර ලබාගැනීමට Reuters පුවත් සේවය ඉරාන,කටාර් සහ ඇමරිකානු රාජ තාන්ත්‍රික නිලධාරින් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඔවුන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සෘජුව ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.

    Iranian Nuclear

    ටෙහෙරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් මැඩපැවැත්වීම සහ ඇමරිකානු සම්බාධක දැඩි කිරීම අරමුණු කරගත් 2015 ගණුදෙනුවලින් එවක ජනාධිපති Donald Trump ඉවත් වූ බැවින්, 2018 සිට ඇමරිකාව සහ ඉරානය අතර සබඳතා දුර්වලව පැවතිණි. මේ අතර යුක්‍රේනයට පහර දීම සඳහා ඉරානය රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දී ඇති අතර ටෙහෙරානය එය නතර කිරීමට අවශ්‍ය බව ද ඇමරිකාව පවසයි. නමුත් යුක්‍රේනයට පහරදීම සඳහා තමන් රුසියාවට ඩ්‍රෝන යානා ලබාදී නොමැති බවයි ඉරානය පවසන්නේ. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පාලනය කිරීමට Joe Bidan පරිපාලනය දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර ඉරානයේ න්‍යෂ්ටික දියුණුව හේතුවෙන් ඔවුන් පාලනයෙන් තොර වී ඇති බවයි බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අදහස.

    -Reuters ඇසුරෙන් Parisa Hafezi, Jonathan Landay සහ Arshad Mohammed විසිනි.

    Photo Credit: www.reuters.com

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page