More
    spot_img
    NewsImran Khan නැවතත් පකිස්තානයේ බලවත් වෙයි

    Imran Khan නැවතත් පකිස්තානයේ බලවත් වෙයි

    -

    spot_img

    Imran Khan – සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍ර පාක්ෂිකයින් පසුගිය බ්‍රහස්පතින්දා පැවති මතභේදාත්මක ඡන්දයෙන් ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්හ. එය, ජාතික සභා ආසන 265 න් 93 ක් විය. Pakistan Tehreek-e-Insaf party (PTI) පක්ෂය ජන්ද ප්‍රචාරක රැස්වීම්, මැතිවරණ දිනයේ ඡන්ද පොළ නියෝජිතයින් සහ අන්තර්ජාල සීමා කිරීම් හමුවේ ලබාගත් මෙම ප්‍රතිපලය ජන්ද නිරීක්ෂකයින් පවා කම්පනයට පත් කොට තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටුවීමට PTI පක්ෂයට එම ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ.

    Imran Khan

    පකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලන පක්ෂ විසින් පෙබරවාරි 29 වැනි දිනට හෝ මැතිවරණ දිනයෙන් සති තුනකට පසු ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ජාතික සභාවට ආසන 336ක් ඇති අතර, ඉන් 266ක් සෘජු ඡන්දයෙන් තීරණය වන අතර 70ක් කාන්තාවන් සඳහා 60ක් සහ මුස්ලිම් නොවන අයට 10ක් – වෙන් කර ඇති අතර, මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කෙරේ. හිටපු අගමැතිවරයෙකු වන Nawaz Sharif ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය (PML-N) ආසන 75 ක් ලබා දෙවන ස්ථානයට පත්වි ඇති අතර Bilawal Bhutto Zardariගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන මහජන පක්ෂය (PPP) ආසන 54 ක් ලබා තුන්වන ස්ථානයට පත්ව තිබේ. “එය ඛණ්ඩනය වූ ජනවරමක් වන අතර එහිදී කිසිදු පක්‍ෂයකට සරල බහුතරයක් නොමැත. එසේ වුවද ඔවුන්ට පැවැත්ම සඳහා පොදු පදනමක් සොයා ගැනීමට හෝ සභාගයක් පිහිටුවීමට සිදුවනු ඇත,” දේශපාලන විශ්ලේෂක Rafiullah Kakar ඉස්ලාමාබාද් හි සිට BBC උර්දු සේවය වෙත එසේ පවසා තිබිණි.

    -BBC News සහ AP News ඇසුරෙනි-

    Image Source: BBC News / AP News

     

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page