SportsICC Cricket World Cup Qualifier අපරාජිත සිංහයින් සුදුසුකම් ලැබීමේ...

ICC Cricket World Cup Qualifier අපරාජිත සිංහයින් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ජයගනී.

-

spot_img

ICC Cricket World Cup Qualifier අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (09) පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගැත් නෙදර්ලන්තය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ආබාදයකට ලක්වීම හේතුවෙන් දිමුත් අවසන් තරඟය ක්‍රීඩා නොකළ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ පැතුම් නිස්සංක සමග නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ යි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ, කඩුලු සියල්ල දැවී, ලකුණු 233 රැස් කරා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 71 කට ලකුණු 57 ක් ලබාගනිමි සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කල අතර කුසල් මෙන්ඩිස් පන්දු 52 කට ලකුණු 43 ක්, පැතුම් නිස්සංක පන්දු 33 කට ලකුණු 23 ක් හා චරිත් අසලංක පන්දු 36 කට ලකුණු 36 ක් ලබා ගත්තා. තරඟාවලිය පුරා පිතිකරණයෙන් අසාර්ථකව සිටි නායක දසුන් ශානක අවසන් තරඟයේ දීත් පන්දුවාර 2 කට මුහුණදෙමින් ලකුණු එකකට දැවී ගියා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Vikramjit Singh ලකුණු 12කට කඩුලු 2 ක්, Logan van Beek ලකුණු 40කට කඩුලු 2 ක් හා Ryan Klein ලකුණු 42 කට කඩුලු 2 ක් බැගින් බිඳ හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 24 ක් අවසානයේ සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කරගැනීමට හැකි වුනේ ලකුණු 105 ක් පමණයි. නෙදර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලැබිය වුනේ Max O’Dowd ය. ඔහු පන්දුවාර 63 කදී ලකුණු 33 ක් ලබාගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 4 ක්, දිල්ෂාන් මදුෂංක ලකුණු 18 කට කඩුලු 3 ක් හා වනිඳු හසරංග ලකණු 35 කට කඩුලු 2 ක් බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

එහිදී විශිෂ්‍ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුළු 5ම ලකුණු 50කට පෙර දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරගය ලකුණු 128 කින් ජය ගැනීමට සමත් වුණා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you