More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 29

    Hima Mal Renu හිම මල් රේණු – 29

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    පරිසරයේ නිහඬ බව බිඳිමින් මෝටර් රථයක් ඇදී ගියේය. අවීශ් පිළිතුරක් දෙන තුරු මම බලා සිටියෙමි.

    “ආටිගල අන්කල් නෙවේ ඩ්‍රග්ස් ගෙන්නන්නේ…ටෙලාන්ගේ මාමා…ටෙලාන්ගේ අයියාත් නැති වුණේ ඔය මාමාගේ කේස් එකක් නිසා…ඩිලාන් මගේ හොඳ යාළුවෙක්…ඌ ටෙලාන්ට වඩා පට්ට හොඳයි…දවසක් මාමාගේ ප්‍රාඩෝ එක අරන් යද්දී ෆලෝ කරන් ඇවිත් ඩිලාන්ට වෙඩි තියලා…ඒ මාමා කියලා හිතන් තමා වෙඩි තියලා තියෙන්නේ…”

    “අනේ…පව්…” මට කියවිණි.

    “ඔව්…ඔය සීන් එකෙන් පස්සේ… මාමයි ටෙලාන්ගෙ තාත්තයි පට්ට තරහයි…ඔය සිද්ධිය වුණ කාලේ… ඩිලාන් අපේ හොටෙල් එකේ ට්‍රේනින් පීරියඩ් එකක්…උගේ ආසාව තිබ්බේම ටුවරිසම් වලට…අපි එකට ක්ලබ් එකේ බාස්කට් බෝල් ප්ලේ කළා…”

    අවීශ් මොහොතකට නිහඬ විය. මිතුරා සිහි වූ නිසා ඔහු සිතේ ශෝකයක් ඇති වූවා වන්නට ඇත.

    “අවීශ්…”

    සුළු මොහොතක නිහැඬියාවකින් පසු මම ඔහු ඇමතුවෙමි. සුසුමක් හෙළූ අවීශ් මදෙස බැලුවේය.

    “ඔයා දන්නවද…?”

    “නැහැ…ඔයා කිව්වොත් දැන ගනියි…” ඒ කතාවට මා මුවටද සිනහා නැඟිණ.

    “අහන්නකෝ…මේක ගොඩාක් දවස් ඉඳන් ඔයාට කියන්න හිටියේ…”

    “ඉතින් නොකීවේ…?”

    “අනේ මන්දා…ඒකට අවස්ථාවක් ආවේ නැති නිසා වෙන්නැති…”

    “හ්ම්ම්…එහෙනම් දැන් චාන්ස් එක…කියන්න…මොකක්ද…?”

    “ඔයාට මටකද අවීශ්…එදා අර ඇනුවල් පාර්ටි එක තිබ්බ දවස…?”

    “හ්ම්ම්.ඔව්…ඉතින්…”

    “එදා ටෙලානුත් ඇවිත් හිටියා…”

    “ඔව්…ආටිගල අන්කල් ලංකාවේ හිටියේ නැහැනේ…ටෙලාන් ආවා තමා…”

    ඔහු එදා නොපැමිණ සිටියා නම් හොඳයි කියා මට මේ මොහොතේත් සිතිණි. සියල්ල ඇරඹුණේ මේ නිසා නොවේද.? මම සිතුවේ කෝපයෙනි.

    “එදා ටෙලාන් එක්ක රතු ගවුමක් ඇඳන් ඩාන්ස් කරපු ගර්ල්ව මතකද…?” ඔහු මඳක් සිතන්නට විය.

    “ම්ම්ම්…එහෙම ලොකු නෝට් එකක් නම් නැහැ…ඒත් නිකමට හිතුණා ටෙලාන්ගේ අලුත් ලව් එක වෙන්නැති කියලා…”

    ඔහුගේ හඬේ වූයේ උපහාසයකි.

    “ඒ අපේ නංගී අවීශ්…”

    “මොකක්…?”

    මා සිතූ ලෙසම ඔහු පුදුමයෙනුත්, තිගැස්මෙනුත් මවෙත හැරී ඇසුවේය.

    “ඔව් අවීශ්…එදා ඒ දෙන්නා කොහොම හරි කතා බහ කරලා…දැන අඳුන ගන්න ඇති…දැන් ෆෝන් එකෙනුත් කතාව…දවසක් ක්ලාස් කට් කරලා ස්නැක් බාර් එකකට ගොඩ වෙද්දි…මායි තාත්තයි එතන…මාත් එදා තමා දැන ගත්තේ එයාට ටෙලාන් එක්ක අෆෙයාර් එකක් තියනවා කියලා…”

    “ඒක ඒ තරම් දුර ගිහින්ද…?”

    “ඔව් අවීශ්…මට හරි බයක් දැනෙනවා…මේ කෙල්ල කවුරුත් කියන දෙයක් අහන්නෙත් නැහැ…දැන් මා එක්කත් තරහවෙලා…”

    “තාත්තා දන්නවද…?”

    “එදා නම් තාත්තා දැක්කේ නැහැ…ඒත් එයා ඒක දකින්න තිබුණේ…නැන්දා තාත්තට කියලා තිබුණා…මම මේවට මැදිහත් වෙන්න ගියොත්…නංගීයි පුංචියි දෙන්නම මා එක්ක පැටළෙන්න බලයි…”

    “ඔව්…ඒක හරි…ඔයා මේකට මැදිහත් නොවී ඉන්නකෝ…අපි බලමු මොනවා හරි කරන්න…”

    මා සිතට සහනයක් එක් කරමින් අවිශ් කීවේය.

    “ටෙලාන්ට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ…පෲෆ් පෙන්නුවොත් නංගී පිළිගනියිද…?”

    “මං දන්නේ නැහැ අවීශ්…මට ඒක හරියට කියන්න බැහැ…”

    “ඒ තරමටම වශී වෙලා…?”

    “එයා ඇඩික්ට් වෙලා ඉන්නේ…”

    “එයා ගර්ල්ස් එක්ක ඉන්න පොටෝ පෙන්නුවොත්…?”

    “ඒත්…කොහොමද ඒක කරන්නේ…?”

    “අයියෝ…ඒක් සිම්පල්…ටෙලානයා ක්ලබ් එකට එන්නේ කෙල්ලො එක්ක…මං කිව්වේ කළිනුත්…එයාලට අපේ හොටෙල් එකේ ෂෙයාර්ස් තියනවා කියලා… ටෙලාන්ට හොටෙල් එකේ වෙනම රූම් එකක් තියනවා…”

    මා ගත හිරිවැටී ගියේ පැහැදිය නොහැකි යම් සීතල හැඟුමක් සිත පුරා ඇදී ගිය නිසාවෙනි.

    “ප්‍රශ්නයක් ඇති කරගන්න එපා අවීශ්…” ඔහු එදිට මඳහසක් පෑවේය.

    ****** ******* ******* ****** ****** ************** ******* *******
    නංගී මා සමඟ බොහෝ කාලයකින් කතා කළේ නැත. එය සාධාරණ හේතුවක් මත වූවා නම් මම ඒ පිළිබඳව කිසිදු තැකීමක් කරන්නට ඉඩ නොතිබිණි. දැන දැනම ඈ වැරැද්දක් කරන විට මා එය දැන දැනම මට නිහඬව සිටිය හැකිද…? එළඹෙන නිවාඩුවේදී යළිත් ගමට යෑමට මාත් නැන්දාත් තීරණය කොට තිබුණේ මසකට පෙර සිටමය. අමතර පන්ති යෙදී තිබුණේ මුල් සතියේ පමණය. තාත්තා කීවේ නංගීගේ විභාගයත් අවසන් වූ පසු ඇයටත් ටික දිනක් එහි ගොස් නවතින ලෙසය. විභාගය අද හෙට වුවද ඈ කිසිදු පාඩම් වැඩක නිරතව සිටින බවක් අප නම් දුටුවේම නැත. කොයි මොහොතේත් ඈ සිටියේ දුරකථනයට යොමා ගත් හිසින් හෝ එය සවනත තබා ගත්වනමය. මේ මොහොතේත් එය ඇගේ දෑතේ විය.

    “එග්සෑම් ඉවර වුණත් මං නම් ආස නැහැ ගමේ යන්න…එහෙ හරි බෝරින්…”

    ඈ එසේ කීවේද තම දුරකථනය හරහා වේගයෙන් ඇඟිළි තුඩු දුවවමිනි.

    “බෝරින් වුණාට කමක් නැහැ…ගිහින් එන්න…” තාත්තා යළිත් කීවේය.

    “අනේ…මට නම් බැහැ තාත්තා…අනික මෙහෙ ක්‍රිස්මස් පාර්ටීස් තියනවා…”

    පිළිතුරු ලෙස නංගී කීවේද දුරකථනට යොමු වූ දෑස් ඉන් මුදවා නොගෙනමය.

    “ඔය මඟුල පැත්තකින් තියලා…මගේ මූණ බලන් කතා කරනවා…”

    තාත්තා ගේ කෑ ගැසීම නිසා මාද බියෙන් තිගැස්සී ගියෙමි. නංගී දුරකථනය වහා සැටිය මතට විසී කළේ මට වඩා ඈ බියට පත් වූ නිසාය.

    “එග්සෑම් අද හෙට…පොතක් අතින් අල්ලනවවත් මං දැක්කේ නැහැ…ෆෝන් එක ඔබනවා…”

    ඔහු ඉදිරියට පැන ඇගේ ජංගම දුරකථනය අතට ගන්නා විට නංගී කෑ ගැසුවාය.

    “අනේ…තාත්තා …ඕක දෙන්න…ඕක බලන්න එපා…පර්සනල්නේ…”

    “පර්සනල්…වයස දාසයයි…පෙන්නනවා..මම උඹට පර්සනල්…මීට පස්සේ ෆෝන් යූස් කරන්න බැහැ…?”

    තාත්තා එයත් රැගෙන ඉවත යාමට සැරසෙන මොහොතේ නංගී ඉද්ද ගැසුවාක් මෙන් අසුන මතින් නැඟී සිට මා ඉදිරියට විත් සිට ගත්තාය.

    “ඔයානේ කේළම් කිව්වේ…දැන් හරිද…?”

    ඇගේ කෝපය රැඳි මුහුණ දෙස මම බලා සිටියේ උපහාසය රැඳි දෑසිනි.

    “කේළම් කියන්න ඕන නම්…එහෙම කියන්නේ මීට කළින්…තේරුණාද…?”

    එළෙසම හිඳ මම නොසැළකිලිමත් ලෙස කීවෙමි.

    “සේරම කරලා මොකුත් දන්නෙ නැහැ වගේ ඉන්නවා…”

    ඈ තවත් කෝපයෙන් කෑ ගසන විට නම් මට ඇගේ කම්මුල හරහා පහරක් ගසන්නට තරම් කෝපයක් සිතේ ඇති විය.

    “උඹ කාටද කතා කරන්නේ…? මේ උඹේ අක්කා…දැන ගනින්…”

    තාත්තා අත දිග හැර ගැසූ කම්මුල් පහරින් විසිව ගිය නංගී සැටිය මතට ඇද වැටුණාය. ආලින්දයේ ඇති වූ ඝෝෂාව ඇසීදෝ නැන්දාත් පුංචි අම්මාත් චන්ද්‍රම්මාත් එහි දිව ආහ.

    “අනේ…මොකද මාවන් මේ…?”

    පුංචි අම්මා නංගී අසළට දිව එන විට නංගී හඬමින් සිටියාය.

    “තමුසේ යනවා පැත්තකට…මගේ යකා අවුස්සගන්නේ නැතුව…මේකිව හුරතල් කරලා නැති කළේ තමුසේ…පේනවනේ දැන් මටත් කතා කරන විදිය…”

    නංගී කාමරයට දිව යන විට පුංචි අම්මා රැව්වේ මටය. මමද එවැනිම බැල්මකින් ඈ දෙස බැලීමි. මෙතෙක් කළකට තාත්තා අපට නිය පටින් පහරක් එල්ළ කර තිබුණේ නැත. නංගීද මෙලෙස තාත්තා අමතා තිබුණේද නැත. ඈ කෙතරම් දරදඬු එකියක් වී ඇතැයි කියා මම සිතුවේ ශෝකයෙනි.

    “මෙයා ගමේ එක්ක ගිහින් හිතුවක්කාරකමට මොනවා හරි කර ගත්තා නම් ඒකටත් අපි වැරදිකාරයෝ වෙයි…” නැන්දා මා සමඟ කිවාය.

    “ඔය කළේ එක්ක ගිහින්…” යැයි පුංචි අම්මා වුවද කියනු ඇතැයි මට සිතිණි.

    ****** ****** ****** ****** ******* *************** ****** ****** ******
    මෙදා නිවාඩුවට ගමේ යාමට මිතුරන් නැත. අවීශ්, ටිරෝන් සහ නදීරා නත්තල් සැමරීමට සූදානමින් සිටියෝය. අවීශ්ගේ තාත්තා කතෝලික අයෙකුය. නිරංගා ඇන්ටි බෞද්ධ වුවද විවාහයෙන් පසු ඈ කතෝලික ආගමිකයෙකු විය.

    “යාළුවෝ ටික නැතිව මෙදා පාර පාළුයි නේද ආරණ්‍යා…?”

    ශ්‍රීමා අසන විට ආච්චි අම්මා කීවේත් එයමය. ඇයටද ඔවුන් හොඳින්ම සිතට අල්ලා තිබිණි. නැන්දා කල් යල් බලා ආච්චි අම්මාට නංගීගේ විස්තර පවසන විට ඈ අසා සිටියේ ශෝකයෙනි.

    “මහ අම්මණ්ඩිගේ වැරදි තමා…තව ටික කාලයක් මෙහෙට වෙලා හිටියා නම් ඔය මොකුත් නැහැනෙ…අම්මලා දූලා ඕන එකක් කරගන්න ඇරලා ඔය දෙන්නා ඕවට මැදිහත් නොවී ඉන්න…”

    “ඒත් ආච්චි අම්මා…එහෙම ඉන්න බැහැනේ…මොනවා වුණත් එයා නංගී…ඇරත් එයා පොඩි කෙල්ලෙක් තවම…”

    ආච්චි අම්මා දුක්බර දෑසින් මදෙස බලා සිටියාය.

    “කවුරුවත් කියන දේ නාහනවා නම් මොකද ලොකු දුව අපි කරන්නේ…?”

    එයට පිළිතුරක් මා ළඟද නැති නිසා මම නිහඬවීමි.

    සිඟිති ශෝකයෙන් සිටින බව මට පෙනුණේ වරක් දෙවරක් නොවේ.

    “මොකෝ සිඟිති…ඔයා දුකෙන් වගේ…?”

    මම කියන විට ඈ මුහුණ බිමට හරවා ගත්තාය.

    “අවීශ් ආවේ නැහැනේ…ඒ නිසා ඔය දුකෙන් ඉන්නේ…”

    ශ්‍රීමා කියන විට ඈ ලැජ්ජාවෙන් මුහුණ මගේ ළමැදේ සඟවා ගත්තාය.

    “අවීශ් අයියලාට නත්තල්නේ…සමහර විට නත්තල ඉවර වෙලා එයි…”

    ඔහු නැතිව පාළු දැනුණේ ඇයට පමණක්ම නොවේ. මා සිතටත් පාළුය. මෙහි සෑම තැනකම ඔහුගේ මතකය ඉතිරිව ඇත. යම් කලෙක මේ සියල්ල මතකයක් පමණක්ම වෙනු ඇතැයි කියා මම ඒ මොහොතේ නොසිතුවෙමි.

    “ඇත්තටම එයා එයිද…?”

    එවර හිස එස වූ ඈ මා විමසුවේ උද්‍යෝගයෙනි. මා සිතේද එවන් බලාපොරොත්තුවක් විය.

    “ඔව්…මං කියන්නම් කෝල් කරලා…සිඟිති බලන් ඉන්නවා කියලා…”

    “අනේ…ඕන නැහැ ආරාණ්‍යාක්කේ…එයාට ඕන නම් එන්නේ නැතෑ…”

    වහා මා තුරුළෙන් මෑත් වූ සිඟිති කීවේ හිස ගස්සා උඩඟු ලෙස හිසත් ඍජු කරගෙන ළය හරහා දෑත් බැඳ ගනිමිනි. ශ්‍රීමාත් මාත් සිනහව තද කරගෙන සිටියේ අසීරුවෙනි.

    සැඳෑ වරුවේ මාත් සිතාරාත් භාෂිත සහ මාධවත් ශ්‍රීමා ත් සිඟිතිත් සමඟ දොළ පහර දෙසට ගියෙමු. ගම තවමත් එලෙසමය. එහි සුන්දර බව අඩුවක් නැත. නිල් වන් කුඹුරු යායත් ගම්මානය වට කොට ගෙන උස්ව නැඟුණු කඳු පෙළත් එදා මෙන්ම අදත් සොඳුරුය. මා සිත අලුත් වූ ශෝකයකින් පිරී ගියේ ගම දමා කොළඹට යෑමට සිදුවීම නිසාය. මට යළිත් මෙහි ඒමට වුවමනා වුවද මම එම හැඟුම ඔඩු දුවන්නට නොදී සිත තුළම ගුළි කොට දැමුවේ මේ මොහොතේ සතුට නැතිකර ගැනීමට ඇති අකැමැත්ත නිසාය. නදීරාද වරින් වර ඇමතුම් දෙමින් තොරතුරු විමසුවාය.

    “අපරාදේ මටත් එන්න තිබුණේ…” පසුතැවිළි බවක් ඇගේ හඬේ විය.

    “අවීශ්වත් ආවනම්…”

    මමද බොහෝ වර එසේ සිතුවෙමි. ඔහු නොඑන බව මම දනිමි. එනවාදැයි අසන්නටද සිතක් මා තුළ නොමැත. ප්‍රසාද්ට වුවද විවේකයක් ලැබෙන්නේ මෙවන් අවස්ථාවක්දීය. එය අහිමි කරන්නේ මන්ද කියා මම සිතුවෙමි. අපි ගමේ පැමිණ දෙතුන් දිනකට පමණ පසු තාත්තාද හදිසියේ එහි පැමිණියේය. පුංචි අම්මා සමඟ ඇති කරගත් බහින් බස් වීමක් නිසා මෙසේ ඔහු තනිව පැමිණි බව ඔහු ආච්චි අම්මා සමඟ පවසනු මටද ඇසිණි.

    “මේ හැමදේම ඔයාගේ වැරදි මාවන්…ඔයා මුළ ඉඳන්ම කළේ ගොං වැඩ…කොහේවත් යන විගඩමක් කරේ එල්ලන්…දැන් පේනව නේද වෙන දේවල්…?”

    ආච්චි අම්මා ඔහුට දොස් පවරන්නට වූවාය.

    “ඕවා දැන් කතා කරලා වැඩක් නැහැනේ අම්මා…”

    “දැන්…? දැන් නෙවේ…මං මේව තමුන්ට කිව්වේ…මීට අවුරුදු ගානකට කළින්…දැන් නහයට උඩින් වතුර යද්දී අත් ගසලා වැඩක් නැහැ…අර ළමයව මේකෙන් බේරගන්න මොනවා හරි කරන්න බලන්න…අම්මාණ්ඩි තමා මේ සේරටම වග කියන්න ඕන…පොඩි කාලේ ඉඳලාම හැදුවේ අපූරුවට…”

    ඈ එක දිගටම තාත්තාට දොස් පවරන්නට වූවාය. ඔහු පැමිණ තිබුණේ පුංචි අම්මාට හෝ නොදන්වාමය. ඇය ඇමතුම් ගණනාවක් ගෙන තිබුණද, ඔහු ඒ එකකට හෝ පිළිතුරු නොදුන්නේය. පසුව ඈ මා අමතා තාත්තා පැමිණියා දැයි මා විමසන විට තාත්තාගේ උපදෙස් පරිදි මම කීවේ ඔහු නොපැමිණි බවය. ඒ මොහොතේ මාධවලා කුමක් හෝ දෙයකට පිටත හිඳන් මහා හඬින් කෑගැසූ අතර ඒ හඬ ඇයටද ඇසෙන්න ඇත.

    “ඔයාට ඉතින් මොකද…ඔහෙට වෙලා කෙල්ලෝ, කොල්ලෝ එක්ක නටන එකනේ වැඩේ…තාත්තා ගැන ගානක් වත් නැහැ…”

    ඒ කතාවට මා සිතේ කෝපය පිට පැන්නේය.

    “ඔයාට වඩා නම් මට මගේ තාත්තා ගැන කැක්කුමක් තියනවා…එයා මෙච්චර කල් ඉවසන් හිටපු එකම මදෑ…අනික මං නටපු නැටිල්ලක් නැහැ…මං නටන ඒවා හොයන්න කළින්…තමුන්ගේ දෝණියන්දෑ නටන ඒවා හොයන් හිටියා නම් හරි…”

    මම එසේ කියා දුරකථනය විසන්ධි කළෙමි. මේ ගැහැණිය කෙසේවත් හදන්නට නොහැකිය. යම් දෙයකින් මට්ටු වන්නට ඕනෑමය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Shooting in Hikkaduwa – හික්කඩුවේ වෙඩි තැබීමක්

    Shooting in Hikkaduwa හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්...

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...
    - Advertisement -spot_img

    Batman සදහටම සමුගනී

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල්...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>