More
    spot_img
    NewsGermen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

    Germen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

    -

    spot_img

    Germen – “විවිධත්වයේ උත්සවය” ලෙසින් නම් කර තිබු සැණකෙළියක් අතරතුර සිදු වු පිහි ඇණුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවට ජර්මනියේ Solingen නගරයෙන් වාර්තා වේ. මෙම නගරය පිහිටුවා වසර 600 ක් ගත වීම සැමරීම සඳහා නගර චතුරශ්‍රයේ පැවති සංගීත සංදර්ශණයක් අසළ මෙම ප්‍රහාරය සිදුව ඇති ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව මාධ්‍ය හමුවකදී ප්‍රදේශයේ පොලීසිය සදහන් කර ඇති අතර “මේ අපරාධය කළ පුද්ගලයාගේ අරමුණ ගැන සිතාගත නොහැකි බව” ප්‍රදේශයේ අභ්‍යන්තර කටයුතු ඇමති Herbert Reul පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්දැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකයෙකු මෙය සිතා මතා කළ ප්‍රහාරයක් බව පෙනෙන්නට ඇතත්, ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද, නැද්ද යන වග දැනට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියේය. ඔවුන් සතු සියලු සම්පත් භාවිත කරමින් අපරාධකරුවන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කර තිබේ.

    -CNN ඇසුරෙනි-

    Image Source: CNN News

    Latest news

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...
    - Advertisement -spot_img

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page