Frontline Socialist Party – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය අගමැති සමග රටට අහිතකර ගිවිසුම්වලට අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් ඊයේ (අප්‍රේල් 5) කොළඹ කොටුවේදී විරෝධතාවයක නිරත වුණා. මෙම විරෝධතාවය ඔවුන් නම්කර තිබුණේ “ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන
ගිවිසුම් එපා” යන මැයෙනි.
මෙම විරෝධතාවයට කොටුව පොලිස් ස්ථානය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබු අතර එම නියෝගයේ සඳහන්ව තිබී ඇත්තේ ගාලුමුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර නොකරන ලෙසට හා මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය යන ස්ථාන හා ඒවායේ පිවිසුම් මාර්ග අවහිර කිරීම තහනම් කරමින් බවද සඳහන්. එම නිසා ඔවුන් ඒ විරෝධතාව පවත්වනු ලැබුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටයි.