More
    spot_img
    NewsFlorida Shooter දාහතර හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

    Florida Shooter දාහතර හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

    -

    spot_img

    Florida Shooter – පසුගිය දිනක සිදු වු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මරණයට පත් වී තවත් අයෙකු බරපතල තුවාල ලැබු බවට වාර්තා වේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීන් ප්‍රකාශ කරයි. Hillsborough ප්‍රාන්තයේ ෂෙරීෆ් කාර්යාලයේ වාර්තාවන්ට අනුව, ෆ්ලොරිඩාවේ Riverview හි Lynmoor Drive වල පිහිටි ප්‍රදේශයකදී මෙම වෙඩි තැබීම සිදු වු බව සදහන්. සෙනසුරාදා දහවල් කාලයේ තරුණයෙකු හදිසියේම පිස්තෝලයක් අතැතිව මෙම ප්‍රදේශය හරහා දිව ගිය බවට ලැබුණු ඇමතුමක් අනුව බලධාරීන් ක්‍රියාත්මක වු බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වී තිබේ. ආරක්ෂක නිලධාරින් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ, ඔහු තම තුවක්කුව හිසට තබාගෙන වෙඩි තබා ගන්නා බවට තර්ජනය කර තිබිණි. ඉන් අනතුරුව විනාඩි 15 කට වඩා වැඩි කාලයක් ආරක්ෂක නිලධාරින් සමග කල සාකච්ඡා වලින් අනතුරුව සැකකරු සිය ගිනිඅවිය පහත හෙලු බව, ෂෙරීෆ් Chad Chronister ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තා කරුවන්ට පවසා ඇත.

    Florida Shooter

    නමුත් ඔහු නැවතත් ආයුධය ලබා ගැනීමට උත්සාහ කළ බවත් එහිදි ආරක්ෂක නිලධාරීන් ඔහුගේ අතට රබර් උණ්ඩයකින් වෙඩි තබා එය ව්‍යර්ථ කළ බවත් සදහන් වේ. එම ක්‍රියාව පැසසුමට ලක් කළ ෂෙරීෆ් පවසා තිබුණේ, සැකකරු නිලධාරීන්ට හානියක් කිරීමට බලාපොරොත්තු නොවු නමුත් සිය දිවි හානි කරගැනීමට ඉඩ තිබු බවත්, නිලධාරින්ගේ විශිෂ්ඨ බුද්ධිය සහ මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ඇති විශේෂ හැකියාව නිසා තත්ත්වය පාලනය කළ බවත්ය. සැකකරු කිහිප වතාවක්ම වින්දිතයන්ට වෙඩි තබා ඇති අතර එක් පුද්ගලයෙකු උදව් ඉල්ලා අසල නිවසකට පැමිණි තිබු බවද බලධාරීන් පවසයි. පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බවට වාර්තා වෙයි. තරුණයා අත්අඩංගුවට ගත් පසුව නිලධාරින් තවත් තුවාල ලැබු කාන්තාවන් අසල ධාවන පථයකින් සොයාගෙන තිබු අතර ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව සඳහන්. ඇය සැකකරුගේ නෑයෙකු බව පසුව හදුනාගෙන ඇති බවටද වාර්තාවන අතර ABC Tampa අනුබද්ධ WFTS වාර්තා කර තිබුණේ තරුණයා වෙඩි තබා ඇත්තේ සිය මවට බවත් ඇගේ පෙම්වතාටද පස් වතාවක් වෙඩි තබා, ඔහුගේ වැඩිමහල් සහෝදරයාටද වෙඩි තැබීමට උත්සාහ කළ බවයි.

    -ABC News ඇසුරෙනි-

    Photo Credit: www.abcnews.com

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>