More
    NewsEarthquake in Afghanistan ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය...

    Earthquake in Afghanistan ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවයි

    -

    spot_img

    Earthquake in Afghanistan – ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තලෙයිබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ මිය ගිය ගණන 610ක් බවයි. තවත් පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එහි සඳහන්. භූමි කම්පාව හේතුවෙන් නිවාස රැසක් සුන් බුන් බවට පත්ව තිබෙනවා.

    තවත් සැලකිය යුතු පිරිසක් සුන්බුන් යට සිරවී සිටිනු ඇති බවටයි ඇෆ්ගන් බලධාරීන් සැක පළ කරන්නේ. භූ කම්පනය සිදු වූ ප්‍රදේශයට ළඟා වීමට ඇති මාර්ගවල පවතින තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ ප්‍රදේශවල සන්නිවේදන සබඳතාද බිඳ වැටී තිබුණා.

    පවතින තත්ත්වය සලකා තලෙයිබාන් පාලකයින් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාරද ඉල්ලා ඇතැයි සඳහන්. ඇෆ්ගනිස්ථාන වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපංකයේ ඒකක 6.0. භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 ත් අතර පසු කම්පන තුනක්ද සිදුව තිබුණා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page