More
    spot_img
    NewsDonald Trump ඝාතනයට උත්සාහ කළ පුද්ගලයා ආරුගම්බෙටත් සම්බන්ධයි

    Donald Trump ඝාතනයට උත්සාහ කළ පුද්ගලයා ආරුගම්බෙටත් සම්බන්ධයි

    -

    spot_img

    Donald Trump – ශ්‍රී ලංකාවේ වෙසෙන ඊශ්‍රායල සංචාරකයන්ට ආරුගම්බේහිදී ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවැරී තිබුණේ වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක් වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පෙරේදා(9 වෙනි සෙනසුරාදා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

    එම මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බළකායේ විවේචකයන් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස්කරුවෙකි. ෂකේරිට ට්‍රම්ප් මරා දැමීම සඳහා අමෙරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබු බවත් ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරීම සඳහා වෙනත් පුද්ගලයන් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ෂකේරිගේ කුමන්ත්‍රණයෙන් පැහැදිලි වන බවත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

    එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේ ෆර්ෂාඩ් ෂකේරි විසිනි. ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතු වන බව පවසන එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ, එවැනි තර්ජනවලට එරෙහිව සිය ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බව යි.

    ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වන විට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. කුඩා කාලයේදීම එක්සත් ජනපදයට සංක්‍රමණය වන ඔහු, වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව, 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කර තිබේ. මෑත මාසවලදී ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහාය වීම සඳහා එක්සත් ජනපද සිර ගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයන්ගේ ජාලයක් ශක්තිමත් කිරීම සඳහා සම්බන්ධ වී ඇති අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණයන් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබාදී ඇති බවත් සඳහන්.

    විදෙස් පුවත් ඇසුරෙනි.

    Latest news

    Patronage of the President සංචාරය උදාව 2025 ප්‍රදර්ශනය ඇරඹේ

    Patronage of the President - ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක...

    Malani fonseka ප්‍රවී​න රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා ජීවන රඟ මඩලින් සමුගනී

    Malani fonseka - හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර...

    Anura karunathilaka ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ

    Anura karunathilaka - ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා. ඒ අනුව පානීය ජල...

    Grant of appointments හෙද සේවයේ 3147කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

    Grant of appointments - හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) දිනයේ පැවැත්වෙන...
    - Advertisement -spot_img

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Face mask ලප කැළැල් නැති දීප්තිමත් සමකට

    Face mask එකක් දැමීම ලප කැලැල් ඇතිවීම වැනි මුහුණෙහි ඇතිවන ගැටළු වළක්වා සුසිනිඳු දීප්තිමත් සමක් ලබා ගැනීමට වැදගත්. මේ,...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page