More
    spot_img
    SportsDhanushka Gunathilaka නිදොස් කොට නිදහස්

    Dhanushka Gunathilaka නිදොස් කොට නිදහස්

    -

    spot_img

    Dhanushka Gunathilaka – ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට ගොස් සිටියදී කාන්තාවක සමඟ අනවසර ලිංගික එක්වීමක් සිදුකළේය යන චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරට අධිකරණයක් මඟින් නඩු පවරා තිබිණි. New South Wales හි දිස්ත්‍රික් උසාවියේ දින හතරක නඩු විභාගයකදී සාක්ෂි ලබා දෙමින් පැමිණිලිකාරිය කියා සිටියේ තමා ආරක්ෂිත ලිංගික එක්වීමකට පමණක් කැමැත්ත පළ කළ බවත්, ක්‍රීඩකයා ලිංගිකව එක්වීමට පෙර කොන්ඩමය පැළඳ සිටි නමුත්, සංසර්ගයෙන් ටික වේලාවකට පසු එය බිම වැටි තිබෙනු තමා දුටු බවත්ය. කෙසේ වෙතත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු Sarah Huggett සඳහන් කර තිබුණේ ධනුෂ්ක ගුණතිලකලට එසේ කිරීමට “කිසිදු අවස්ථාවක්” නොතිබූ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී එය තහවුරු වී ඇති බවත්ය. එබැවින් අනවසර ලිංගික එක්වීමක් සම්බන්ධව ඔහුට තිබු චෝදනාවට ඔහු නිවැරදිකරු බව අධිකරණය තීන්දු කර තිබේ.

    -BBC News ඇසුරෙනි- by Tiffanie Turnbull. BBC News, Sydney

    Photo Credit: www.epanews.com

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page