Defense Agreement – ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය පවා කිසිවක් නොදන්නා බව, පසුගියදා රූපවාහිනී සංවාදයකට එක් වූ ජන අරගල සන්ධානයේ සුජීව කුරුවිට සඳහන් කළේය. ඔහු සඳහන් කළ පරිදි, ඉන්දියානු මාධ්‍යය මෙය වාර්තා කර තිබුණේ 1987න් පසුව ඉන්දියාව එළඹෙන වැදගත්ම ඓතිහාසික ගිවිසුම මෙය බවයි. එහිදී ඔහු චෝදනා කළේ එම ගිවිසුම මගින් ලංකාවේ ජන ජීවිතයට මෙරට ආරක්ෂාවට කලාපීය ආරක්ෂාවට සිදුවන බලපෑම කුමක්ද යන්න ආණ්ඩුව විසින් ජනතාවගෙන් වසන් කර ඇති බවත් කැබිනට් මණ්ඩලයවත් මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් සිදුවී නොමැති බවටයි. සුජීව කුරුවිට මහතා ජන අරගල සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙසද කටයුතු කරයි.