More
    spot_img
    Interviewsවැරදි ගැහැණියකගේ චරිතයක් රඟපාද්දි ආදරය නැතිවෙලා යනවා - Darshana...

    වැරදි ගැහැණියකගේ චරිතයක් රඟපාද්දි ආදරය නැතිවෙලා යනවා – Darshana Rajendran

    -

    spot_img

     

    Darshana Rajendran – ඇය,කෙනෙකුට අමතක කිරීමට අපහසු අන්දමේ සොඳුරු දසුනක්. මලයාලම් සිනමාවට පෙම්බඳින ශ්‍රී ලාංකික රසිකයන් අතරත් ඇය අතිශයින් ම ජනප්‍රියයි. මේ වසරේ ඇය අප හමුවට එන්නේ Purusha Pretham චිත්‍රපටය තුළින්.

    මේ දර්ශනා රාජේන්ද්‍රන් සමගින් (Cinema Express ) සිදුකළ කතාබහක්.

    • Purusha Pretham වෙනස්ම විදිහේ තේමාවක් ඇති චිත්‍රපටයක් වගේ…

    එය Dark / Comedy වර්ගයේ ෆිල්ම් එකක්. අපරාධ, පොලීසිය වගේ දේවල් ඇතුලත් කතාවක්. විශේෂම දේ තමයි මේ කතාව හාස්‍යජනක එකක්. හාස්‍යයට කැමති අයට විනෝදවෙන්නත්, දේශපාලනය වගේ දේවල්වලට කැමති අයට අවබෝධයක් ලබා ගනිමින් බලන්නත් පුලුවන් ෆිල්ම් එකක්. Krishand ගේ මේ වෙනස් අදහසට මං කැමතියි. Purusha Pretham ඔබට විනෝදය ගෙන දේවි. හිතන්න දේවල් ඉතිරි කරාවි.

    • Krishand ගේ සිනමා භාෂාව තේරුම් ගන්න ඔබට පුළුවන් වුනාද?

    ඔහුගේ අදහස් සිත්ගන්නාසුළුයි. නැවුම් සහ නුහුරුයි. ඔහු සිනමාවේ අලුත් දේවල් ගවේෂණය කරනවා. මට ඔහු සහ ඔහුගේ කණ්ඩායම ගැන විශ්වාසයක් තිබුනා. ඔවුන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මම කරන්නේ Susan කියන චරිතය.

    • Jaya jaya jaya jaya hey චිත්‍රපටයේ ඔබේ රංගනය විශිෂ්ඨයි. මේ නිසා ඔබට ලොකු ප්‍රේක්ෂක ආදරයකුත් ලැබුනා. ඔබට එය දැනෙන්නේ කොහොමද?

    ඔවුන්ගේ ඒ ආදරය Jaya කියන ගැහැණියටයි. ප්‍රශ්නකාරී,”වැරදි ගැහැණියකගේ” චරිතයක් රඟපාද්දි ඒ ආදරය නැතිවෙලා යනවා. ඔවුන් හිතනවා “මේ කෙල්ල මොනවද මේ කරන්නෙ” කියලා. (සිනාසෙයි) හැම විදිහකම චරිත රඟපාන්න මම කැමතියි. Jaya jaya jaya jaya hey කියන්නෙ සුන්දර අත්දැකීමක්. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය කියන්නෙ ක්ෂණිකව වෙනස්වෙන දෙයක්. මම ඒ වෙත බැඳෙන්නේ නැහැ.

    • චරිතයක් තුළට කාවැදෙමින් එය නිරූපනය කරන්නෙ කොහොමද?

    මගේ මේකප්, හැසිරීම,කොණ්ඩය මේ දේවල්වලට වඩා චරිතයක් හොඳින් කරන්න බලපාන්නෙ මම මොනතරම් ඒ චරිතය තේරුම් ගන්නවාද කියන දේ එක්ක. එය අභියෝගාත්මකයි.

    • Susan ගෙ චරිතය ඔබේ සිත ගත්තෙ ඇයි?

    ඇය මට වඩා වෙනස්. නමුත් සමානකමුත් තියෙනවා. අපිට ලැබෙන චරිතවල සමානකම්, වෙනස්කම් ගැන සසඳන්න ලැබෙන එක නළු නිළියන්ට ලැබෙන අපූරුම අත්දැකීමක්.

    • ඔබ වාණිජ හා එසේ නොවෙන චිත්‍රපට දෙවර්ගයටම සම්බන්ධ වී තිබෙනවා. එයට හේතුව මොකක්ද? එය සැලසුම්සහගතව කරන දෙයක් ද?

    නැහැ. මම චිත්‍රපටයක වැඩ කරන්නෙ පිටපත සහ මට අනිත් අය සමග වැඩ කරන්න පුළුවන් ද කියන දේවල් අනුව. මගේ තීරණ ගැන මම පසුතැවෙන්නේ නැහැ. මගේ තේරීම් තනිකරම හදවතින් කරන ඒවා.

    • ඔබ දෙමළ චිත්‍රපට සඳහා,හින්දි කතාමාලාවක් සඳහා රංගනයෙන් එක්වුනා. ඔබ ඒවාට සම්බන්ධ වෙන්න කැමති ද?

    මලයාලම් චිත්‍රපට කරන එක මට සතුටක්. ඒ වගේම වෙනත් භාෂාවල චරිත නිරූපනය කරන්නත් මම කැමතියි. මං හිතනවා මට ඒ සඳහා අවස්ථා ලැබෙනවා කියලා. සිනමාව මගේ ජීවිතයේ කොටසක්. මම එයට පැමිණියේ අහම්බෙන්.මම බලාපොරොත්තු වෙනවා පුලුවන් තරම් සතුටින් වැඩ කරගෙන යන්න.

     

     

     

     

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page