Christmas Butter Cookies නත්තල් කෑම මේසෙට
නත්තල කියන්නෙ කාගෙත් සිත්වල සතුට පිරී ඉතිරෙන කාලයක්. රසවත් කෑම වර්ග වැඩිපුර හැදෙන මේ කාලෙ ගෙදරදීම පහසුවෙන් සාදා ගන්න පුළුවන් කවුරුත් කැමති Christmas Butter Cookies හදන හැටි තමයි මේ.

• අවශ්‍ය ද්‍රව්‍ය 
පාන් පිටි කෝප්ප 1½
බටර් 100g
සීනි කෝප්ප ½
බිත්තරයක්
වැනිලා තේ හැඳි 1
බේකින් පවුඩර් තේ හැඳි ½
ලුණු ස්වල්පයක්
චොකලට් චිප්ස් / මුද්දරප්පලම්
• සාදන ක්‍රමය
අවන් එක 170°C ට රත් කරගන්න. බඳුනකට බටර් සහ සීනි එකතු කර ක්රීම්ගතියට mix කරගන්න. එයට බිත්තරය සහ වැනිලා එකතු කර නැවතත් හොඳින් mix කරගන්න.

මීළඟට වෙනම බඳුනකට පාන්පිටි, බේකින් පවුඩර් සහ ලුණු එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍ර කරගෙන බටර් මිශ්‍රණය තිබෙන බඳුනටම දමන්න. එයට චොක්ලට් චිප්ස්, මුද්දරස්පලම්ද එක් කර මෘදුවට dough එක හදාගන්න.




