More
    spot_img
    FoodChicken Curry කුකුල් මස් කිරට හදමු

    Chicken Curry කුකුල් මස් කිරට හදමු

    -

    spot_img

    Chicken Curry – පොල්කිරි යොදා සකසන මෙම කුකුල් මස් කරිය ඉන්දියාවේ ජනප්‍රිය ආහාරයක්. පහසුවෙන් සැකසිය හැකි මෙය උත්සව අවස්ථාවන් සඳහාද සුදුසුයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    Chicken Curry

    • ඔලිව් තෙල් මේස හැඳි 02
    • සිහින්ව කැපූ ළූණු ගෙඩියක්
    • සුදුළූණු (අඹරන ලද) මේස හැඳි 01
    • ඉඟුරු (අඹරන ලද) මේස හැඳි 01
    • කටු ඉවත් කරන ලද කුකුල් මස් 500g
    • කරි පවුඩර් මේස හැඳි 2
    • කහ කුඩු තේ හැඳි 01
    • දුරු කුඩු තේ හැඳි 01
    • ලුණු
    • තක්කාලි පේස්ට් මේස හැඳි 01
    • චිකන් ස්ටොක් 250 ml
    • පොල් කිරි 400 ml
    • සීනි තේ හැඳි 01
    • කොත්තමල්ලි කුඩු මේස හැඳි 02 

     

    සාදන ක්‍රමය

    පෑන් එකකට ඔලිව් තෙල් දමා මදක් රත් කර එයට ළූණු, සුදුළූණු සහ ඉඟුරු එක්කොට රන්වන් පැහැ වෙන තුරු බැදගන්න. ඉන්පසුව කුකුල් මස් එක් කරන්න. විනාඩි 3 – 4 ක් පමණ පිස ගනිමින් කරි පවුඩර්, ලුණු, කහ සහ දුරු එකතු කරන්න. ඊළඟට තක්කාලි පේස්ට්, චිකන් ස්ටොක් සහ පොල්කිරි එක් කරන්න. සීනි ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරමින් විනාඩි 10 – 12 ක් (උතුරන තුරු) පිසගන්න. අවශ්‍ය නම් කොත්තමල්ලි ස්වල්පයක් මුසු කරන්න.

    උණුසුම්ව පිළිගන්වන්න. මෙම කුකුල් මස් කරිය බාස්මතී බත්, නාන් සමගින් ආහාරයට ගත හැක. කැමති නම් යෝගට් සහ අඹ චට්නි එක් කිරීමට ද හැකියි.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page