FoodChicken Curry කුකුල් මස් කිරට හදමු

Chicken Curry කුකුල් මස් කිරට හදමු

-

spot_img

Chicken Curry – පොල්කිරි යොදා සකසන මෙම කුකුල් මස් කරිය ඉන්දියාවේ ජනප්‍රිය ආහාරයක්. පහසුවෙන් සැකසිය හැකි මෙය උත්සව අවස්ථාවන් සඳහාද සුදුසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

Chicken Curry

• ඔලිව් තෙල් මේස හැඳි 02
• සිහින්ව කැපූ ළූණු ගෙඩියක්
• සුදුළූණු (අඹරන ලද) මේස හැඳි 01
• ඉඟුරු (අඹරන ලද) මේස හැඳි 01
• කටු ඉවත් කරන ලද කුකුල් මස් 500g
• කරි පවුඩර් මේස හැඳි 2
• කහ කුඩු තේ හැඳි 01
• දුරු කුඩු තේ හැඳි 01
• ලුණු
• තක්කාලි පේස්ට් මේස හැඳි 01
• චිකන් ස්ටොක් 250 ml
• පොල් කිරි 400 ml
• සීනි තේ හැඳි 01
• කොත්තමල්ලි කුඩු මේස හැඳි 02 

 

සාදන ක්‍රමය

පෑන් එකකට ඔලිව් තෙල් දමා මදක් රත් කර එයට ළූණු, සුදුළූණු සහ ඉඟුරු එක්කොට රන්වන් පැහැ වෙන තුරු බැදගන්න. ඉන්පසුව කුකුල් මස් එක් කරන්න. විනාඩි 3 – 4 ක් පමණ පිස ගනිමින් කරි පවුඩර්, ලුණු, කහ සහ දුරු එකතු කරන්න. ඊළඟට තක්කාලි පේස්ට්, චිකන් ස්ටොක් සහ පොල්කිරි එක් කරන්න. සීනි ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරමින් විනාඩි 10 – 12 ක් (උතුරන තුරු) පිසගන්න. අවශ්‍ය නම් කොත්තමල්ලි ස්වල්පයක් මුසු කරන්න.

උණුසුම්ව පිළිගන්වන්න. මෙම කුකුල් මස් කරිය බාස්මතී බත්, නාන් සමගින් ආහාරයට ගත හැක. කැමති නම් යෝගට් සහ අඹ චට්නි එක් කිරීමට ද හැකියි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you