Bus drivers – බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්යය වන අතර, එහෙත් පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැලඳීමේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර, එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
එසේම බස් රථ / ත්‍රිරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද සිට යළි ආරම්භ කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.