Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් බැර කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.6 ක් වෙන් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.