Newsනිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

-

spot_img

දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද උදෑසන මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ තරුෂි චමෝදි නමැති 19 හැවිරිදි දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව වාර්තා වනවා.

දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙම දියණිය 09 දින පස්වරුවේ තම අධ්‍යාපන කටයුතු කාමරයේ සිදුකරමින් සිටියදී රාත්‍රී නිදා ගෙන උදෑසන අවදි නොවීම නිසා දෙමව්පියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිටි නිසා වහාම ඇයව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට රැගෙන විත් තිබෙනවා.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි වාර්තා වනවා.

සිද්ධිය වාර්තා වීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිසුවියගේ නිවසට ගොස් ඇය පාඩම් කටයුතු කළ කාමරය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

සිසුවියගේ පියා විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු බවත් ඇයට බාල නැගණියක්ද නිවසේ සිට තිබෙනවා.

ඇය අධ්‍යාපනය සඳහා විශාල උනන්දුවක් දැක්වූ සිසුවියක් වන අතර ඇයගේ මුළු කාමරය පුරාම අධ්‍යාපනික අවශ්‍යතාවයන් පිළිබඳව සටහන් රැසක් අලවා තිබෙනවා.

එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීම බවටද ඇය බිත්තියේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.

මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී අද දින පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිලිබදව වැඩිදුර විමර්ෂණ දඹුල්ල පොලිසිය විසින් පවත්වනවා.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you