More
    Newsනිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    -

    spot_img

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද උදෑසන මිය ගොස් තිබෙනවා.

    මෙසේ මිය ගොස් ඇත්තේ තරුෂි චමෝදි නමැති 19 හැවිරිදි දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව වාර්තා වනවා.

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙම දියණිය 09 දින පස්වරුවේ තම අධ්‍යාපන කටයුතු කාමරයේ සිදුකරමින් සිටියදී රාත්‍රී නිදා ගෙන උදෑසන අවදි නොවීම නිසා දෙමව්පියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිටි නිසා වහාම ඇයව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට රැගෙන විත් තිබෙනවා.

    බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි වාර්තා වනවා.

    සිද්ධිය වාර්තා වීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිසුවියගේ නිවසට ගොස් ඇය පාඩම් කටයුතු කළ කාමරය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

    සිසුවියගේ පියා විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු බවත් ඇයට බාල නැගණියක්ද නිවසේ සිට තිබෙනවා.

    ඇය අධ්‍යාපනය සඳහා විශාල උනන්දුවක් දැක්වූ සිසුවියක් වන අතර ඇයගේ මුළු කාමරය පුරාම අධ්‍යාපනික අවශ්‍යතාවයන් පිළිබඳව සටහන් රැසක් අලවා තිබෙනවා.

    එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීම බවටද ඇය බිත්තියේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.

    මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී අද දින පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මේ පිලිබදව වැඩිදුර විමර්ෂණ දඹුල්ල පොලිසිය විසින් පවත්වනවා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page