More
    Newsකොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    -

    spot_img

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ කඳවුර), 2025 නොවැම්බර් මස 5 වන දින සිට නොවැම්බර් මස 10 වෙනිදා දක්වා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වේ.

    සමාරම්භක උත්සවය නොවැම්බර් 6 වෙනිදා හවස 5ට උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි, ඒ වගේම ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලාදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා උත්සවය සඳහා සහභාගී විය.

    ‘අරමුණක් ඇති ගමනක් – සුව පතන හදවතක්’ (Move With Purpose Heal With Heart) යන තේමාව යටතේ මෙවර සංවිධානය කෙරෙන 60 වැනි කොළඹ කැම්පෝරිය සඳහා සිඟිති බාලදක්ෂයන්, පෝතක බාලදක්ෂයන්, කනිෂ්ඨ බාලදක්ෂයන්, ජේෂ්ඨ බාලදක්ෂයන්, මානවක බාලදක්ෂයන් සහ නායක නායිකවන් නව දහසකට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.

    1914 වර්ෂයේ ආරම්භය සනිටුහන් කරවූ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව, වසර 111 සමරන මේ වසරේ පැවැත්වෙන 60 වැනි කොළඹ කැම්පෝරිය, සංවිධායක කොමසාරිස් වෛද්‍ය ඉන්දිකා විදානගමගේ මහත්මිය සහ දිසා කොමසාරිස් සම්පත් විජේසිංහ මහතාගේ නායකත්වය යටතේ සංවිධානය වේ.

    කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ කඳවුරු බඳිමින් මෙවර 60 වැනි කොළඹ කැම්පෝරිය සඳහා සහභාගී වන බාලදක්ෂයින් සඳහා ක්‍රියාකාරකම් රැසක් සංවිධායක මණ්ඩලය විසින් සුදානම් කර ඇති අතර. මෙම කඳවුර සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාවට, රාජ්‍ය ආයතනද, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගෙන් ලැබෙන සහයෝගය අගය කොට සලකමු.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page