More
    Featuresඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    -

    spot_img

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම – Chetan Bhagat

    ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත් කියන ලේඛකයා ගැන නොදන්න කෙනෙක් වුණත් ඔහුගෙ කතා ඇසුරින් හදලා තියෙන බොලිවුඩ් චිත්‍රපටි වලින් එකක් හෝ නරඹා ඇති. 

    Chetan Bhagat

    චේතන් ප්‍රකාශ් භගත් 1974 අප්‍රේල් 22 වැනිදා New Delhi වල ඉපදුණා. ඔහුගේ පියා ඉන්දීය හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක්. මව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කළා. දිල්ලියේ හමුදා පොදු පාසලෙන් අධ්‍යාපනය ලැබූ චේතන් ඉන්දියානු තාක්ෂණ ආයතනයෙන් (IIT) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තා. ඉන් පස්සෙ 1997 අවුරුද්දෙ දී අහමදාබාද්හි ඉන්දියානු කළමනාකරණ ආයතනයෙන් (IIM) MBA උපාධියක් ලබා ගත්තෙ හොඳම ශිෂ්‍යයා ලෙසට ප්‍රශංසා ලබමින්මයි. ඉගෙන ගෙන ඉවරවුණාට පස්සෙ අවුරුදු දහයක් විතරම ඔහු වැඩ කළේ බැංකු නිලධාරියෙක් විදිහට. සාර්ථක රැකියාවක් කරද්දිත් චේතන්ට ලේඛකයකු වීමේ උණක් තිබුණා. 2004 අවුරුද්දෙ ඔහු තමන්ගෙ මුල්ම කෘතිය Five Point Someone ප්‍රකාශයට පත් කරනවා. බොහොම ඉක්මන්ට එය තරුණ පාඨකයන් අතර ඉහළින්ම අලෙවිවන කතාවක් වුණා. එතැන් පටන් ඔහු දිගටම ලේඛනයේ යෙදුණා. චේතන්ගෙ කතාවල වැඩිපුරම තියෙන්නෙ ඉන්දියාවේ තරුණයන්ගෙ ජීවිතේ ගැන. ඔවුන් සාමාන්‍යෙයෙන් විප්ලවකාරී චරිත.

    Chetan Bhagat

    One Night @ the Call Center (2005), The 3 Mistakes of My Life (2008), 2 States: The Story of My Marriage (2009) , Half Girlfriend (2014), One Indian Girl (2016), The Girl in Room 105 (2018), One Arranged Murder (2020), 400 Days (2021), 12 Years: My Messed-Up Love Story (2023) ඔහුගෙ ජනප්‍රියම කතා කිහිපයක්. මේ කතා ඇසුරින් තමයි 3 Idiots, Kai Po Che!, Half Girlfriend වගේ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට හැදෙන්නෙ.

    Chetan Bhagat

    ලිවීම තුළින් ඉන්දියානු සාහිත්‍යය සහ තරුණයන් තුළ ඇතිකළ වෙනස උදෙසා චේතන් ඇගයීමට පාත්‍ර වුණ අවස්ථා බොහොමයි. 2010 අවුරුද්දෙ සුප්‍රකට Time සඟරාව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුවට චේතන් භගත්ව ඇතුළත් කළා. ෆාස්ට් කම්පැනි විසින් 2011 අවුරුද්දෙ ඔවුන්ගෙ ව්‍යාපාරයේ වඩාත්ම නිර්මාණශීලී පුද්ගලයින් 100 දෙනා අතරට ඔහුව නම් කළා. 2012 දී Forbs India වසරේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් අයෙක් ලෙස ඔහුව නම් කළා. චේතන් විවාහ වෙලා ඉන්නෙ අනුෂා සූර්යනාරායනන් සමඟ. ඇය ඔහුගෙ කුඩාකළ මිතුරියක්. ඔවුන්ට ශ්‍යාම් සහ ඉෂාන් කියලා නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ජීවත්වෙන්නෙ මුම්බායිවල.

    Chetan Bhagat

    බැංකු නිලධාරියෙක් ලෙසින් ලිවීම අරඹා ලොවම හඳුනන ලේඛකයෙකු වීම දක්වා වූ ඔහුගේ ගමන අපූරු එකක්. සමකාලීන සමාජය, තරුණ පරපුර සහ ඔවුන් සතු අභියෝග, ඒවා මැඩගෙන සිහින කරා යන අන්දම ඔහු සිය පාඨකයන්ට කියා දුන්නා. චේතන් භගත් පාඨක හද ගැස්ම අකුරු කෙරූ ලේඛකයෙක්. මිලියන ගණන් පාඨකයින් ප්‍රේක්ෂකයන් ඔහුට ආදරය කරන්නේ මේ අපූරු ලේඛකයා ලියා ඇත්තේ තමාගේම කතාන්දරය බැව් ඔවුන්ට දැනෙන හැඟෙන නිසාවෙන්.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page