Featuresකාන්තාවන් ව්‍යවසායිකාවන් කරන්න යන රිහානා

කාන්තාවන් ව්‍යවසායිකාවන් කරන්න යන රිහානා

-

spot_img

කාන්තාවන් ව්‍යවසායිකාවන් කරන්න යන රිහානා

ලෝකයේ ජනප්‍රියම ගායිකාවක් වන Robyn Rihanna Fenty ඒ කියන්නෙ රිහානා ගායිකාවක් විතරක් නෙමෙයි. නිළියක්, ව්‍යාපාරික කාන්තාවක් වගේම fashion icon එකක්. රිහානා මේ වෙනකොට තමන්ගෙ ව්‍යාපාරය තුළින් ලෝක‍ය පුරාම ඉන්න කාන්තාවන් ව්‍යවසායිකාවන් විදිහට නගා සිටුවන්න කටයුතු කරනවා. 

Rihanna

ඇය ඉපදුණේ 1988 අවුරුද්දෙ පෙබරවාරි 20 වැනිදා බාබඩෝස්වල. අවුරුදු 16 දී සංගීත ක්ෂේත්‍රයට ආව රිහානා Diamond Umbrella වගේ ගීත වලින් බොහොම ඉක්මනින්ම ජනප්‍රියත්වය ළඟා කරගන්නවා. ලෝකයේ වැඩිම ආදායම් ලබන, ජනප්‍රියම කලාකරුවන්ගෙ ලැයිස්තුවට පැමිණෙන්න රිහානට මහ ලොකු කාලයක් ගියේ නැහැ.

Rihanna

 

2017 අවුරුද්දෙ ඇය රූපලාවන්‍ය කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කෙරුවෙ Fenty Beauty සමගින්. මෙම රූපලාවන්‍ය නිෂ්පාදනවලට තිබුණ අධික ඉල්ලුම රිහානාව ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වයේ මුදුනටම අරන් ගියා. Fenty Beauty කාන්තාවන්ට තමන්ගෙ ස්වභාවික පෙනුම වැඩි දියුණු කරගන්න උදව් වුණා. ඊට පස්සෙ ඇය සම සඳහා Fenty Skin, lingerie brand එකක් වෙන Savage X Fenty හඳුන්වලා දුන්නා. ඇගේ අරමුණ වුණේ සෑම සමක්ම, සෑම සිරුරු හැඩයක්ම සුන්දර බව කාන්තාවන්ට අවබෝධ කරවීම සහ ඔවුන්ගෙ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීම.

Rihanna

2012 වසරේදි ඇය ක්ලාරා ලයනල් පදනම (CLF) ඇරඹුවා. CLF පදනම ඔස්සේ ගෝලීය අධ්‍යාපනය, හදිසි ප්‍රතිකාර වැඩසටහන් සහ පරිසරය සුරැකීම ගැන අවධානය යොමු කරනවා. ඒ තුළින් බොහෝ දෙනාට ශිෂ්‍යත්ව ආපදා සහන, සම්පත් ඌන කලාපවල කාන්තාවන්ට පහසුකම් ලබා දෙනවා. 2025 දී, ඇය කෙන්යානු ව්‍යවසායක ජෝ ඔපොට් සමග දේශගුණික කේන්ද්‍රීය ආයෝජන අරමුදලක් දියත් කළා. මෙමගින් අප්‍රිකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවන අලුත් ව්‍යාපාරවලට, විශේෂයෙන්ම පරිසරය සුරකිමින් ව්‍යාපාර කරන අයට සහයෝගය ලබා දෙනවා. මෙම ව්‍යාපාරවලට සහාය දීමෙන් ඇය පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කරමින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිවීමේ සටනට නායකත්වය දීමට කාන්තාවන් උද්යෝගිමත් කරනවා. 2025 මැයි මාසයේදී, ෆෙන්ටි බියුටි සහ ෆෙන්ටි ස්කින් WNBA හි නිව් යෝර්ක් ලිබර්ටි හි නිල රූපලාවන්‍ය හවුල්කරුවන් වුණා. මෙමගින් ඇය කාන්තා ක්‍රීඩිකාවන් දිරිගැන්වූවා.

Rihanna

“ඔබ කරන්න ඕනෙ ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එක් පුද්ගලයෙකුට හරි උපකාර කිරීම. ඒක තමයි මනුෂ්‍යත්වය ” ඇය එලෙස පවසනවා. රූපලාවන්‍ය කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් කාන්තාවන් වෙනුවෙන් සහ පරිසරය වෙනුවෙන් පෙනී සිටිමින් රිහානා සිය නාමය යහපත් වෙනසක් උදෙසා භාවිතා කරමින් සිටිනවා.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you