NewsMujibur Rahman පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන...

Mujibur Rahman පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි

-

spot_img

Mujibur Rahman – ස්කෑන් පරීක්ෂාවක් සිදුනොකර බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසින් අද (30) පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා.

ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබාගත් බවත්, මෙම කමිටු වාර්තාවෙන් ‘අවදානම්’ වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම් 151ක් අතරින් බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇතැයි හෙළිව ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියා.

රතු ලේබලය යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේදි ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු බවද, ස්කෑන් පරීක්ෂාව සිදුකරන නිලධාරීන් විසින් අදාළ බහාලුම් 37 ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු බවට සටහනක් යොදා තිබුණද, කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇති බවට මෙම කමිටු වාර්තාවෙන් හෙළිවී ඇති බවද ඔහු සඳහන් කළා.

තවද, කහ‍ ලේබලය යටතේ වූ ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇති බවත්, බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වැනි දින වුවත්, එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වැනිදා ද බහාලුම් 02 ක් නිදහස් කර ඇති බවයි මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you