More
    spot_img
    NewsHigh blood pressure අධි රුධිර පීඩනය හේතුවෙන් මිය යන...

    High blood pressure අධි රුධිර පීඩනය හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ වැඩි වීමක්

    -

    spot_img

    High blood pressure – මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් 70% ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.

    බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් 34.8% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.

    මුල් අවස්ථාවන්වලදී මෙහි කිසිම රෝග ලක්ෂණයක් නොමැති බවත්, අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවති පසු අඝාතය හෝ හෘදයාබාධයක් ලෙස එළියට පැමිණිය හැකි බවද ඇය සඳහන් කළා.

    අධි රුධිර පීඩනයෙන් පෙළෙන ජනතාවගෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් භාවිතා නොකරන බවත්, තමන්ට අධික රුධිර පීඩනය තිබෙන බවට දැන සිටින්නේ 18% ක් වන අතර එය භයානක තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කර සිටියේ.

    සෑම රෝහලකම ‘සුවදිවි සායනය’ නමින් සායනයක් ඇති බවද, නමුත් රෝගීන්ගේ පැමිණීම ඉතා අඩු බවද, අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත් බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

     

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page