British – විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි.
Aston Villa Fs සහ Paris Saint German යන පාපන්දු කණ්ඩායම් දෙක අතර පැවති අර්ධ අවසන් පූර්ව තරඟය නැරඹීම සඳහා තම පියා සමගින් පැරීසිය බලා පිටව යමින් සිටියදී ඔවුන් මෙලෙස දක්නට ලැබුණා.
ජැකට්ටුවක් දමා ස්වෙටරයකින් සැරසී පැත්තට පීරූ හිසකෙස් සහිතව සිටි ජෝර්ජ් කුමරු විලියම් කුමරුගේ කුඩා කාලය නැවත සිහිපත් කළා. 42 හැවිරිදි විලියම් නේවි බ්ලූ පැහැ ඇඳුමකින් සහ කළු පැහැති ස්වෙටරයකින් සැරසී සිටියා. තමා Aston Villa කණ්ඩායමේ දිගු කාලීන රසිකයෙක් බැව් ඔහු සඳහන් කළා.
විලියම් කුමරුගෙන් පසු රාජකීය කිරුළට හිමිකම් කියන ජෝර්ජ් කුමරු 2024 දෙසැම්බර් මාසයේ රාජකීය පවුලේ වාර්ෂික නත්තල් දින පා ගමනට එක් වූවාට පසුව වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මෙහිදී යි.
විලියම් සහ කේට් ඔවුන්ගේ දරුවන් මාධ්‍ය අවධානයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා.
වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් මාස කිහිපයකට ඉහතදී කියා සිටියේ තමා පිළිකා සටන ජය ගනිමින් සිටින බවත් ශක්තිමත්ව සහ සුවෙන් සිටින බවත් ය.
– E News ඇසුරිනි –