Interviewsවෙනස්ම ලෝකයකට යෑම අමාරු වුණා

වෙනස්ම ලෝකයකට යෑම අමාරු වුණා

-

spot_img

වෙනස්ම ලෝකයකට යෑම අමාරු වුණා – BTS begin again!

2010 අවුරුද්දෙ දකුණු කොරියාවේ සියෝල් වලින් ඇරඹුණ BTS Band එක ලෝකය පුරාම ජනප්‍රිය වුණේ අදහගන්නත් බැරි තරම් වේගෙකින්. young generation එක පිස්සුවෙන් වගේ BTS ලට ආකර්ෂණය වුණා. ඔවුන්ගේ songs, music, fashion, performance මේ හැමදෙයක්ම ලෝකය පුරා පැතිරුණු culture එකක් බවට පත්වුණා. ග්‍රැමී සම්මානය සඳහා නම් කෙරුණු පළමු කොරියානු සංගීත කණ්ඩායම වෙමින්, බිල්බෝර්ඩ් ඇතුළු ලොව සුප්‍රකටම ගීත දර්ශකවල ඉහළම ස්ථානයේ රැඳී සිටින්නත්, එක පිට එක සම්මාන ලබන්න විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතාවක් කරන්නත් BTS කණ්ඩායමට අවස්ථාව උදා වුණා. මේ කඩවසම් කොල්ලො හත් දෙනා තමයි Jin, Suga, Jung Kook, V, Jimin, RM සහ J -Hope. 2022 අවුරුද්දෙ BTS කණ්ඩායම සංගීත ලෝකයෙන් break එකක් ගත්තේ දකුණු කොරියාවෙ අනිවාර්ය හමුදා සේවයට සහභාගී වීම වෙනුවෙන්. අවුරුදු හතරක දිගු නිහැඬියාවකට පස්සෙ එළඹෙන මාර්තු 20 වැනිදා ඔවුන්ගේ නව ගීත ඇල්බමය Release වෙන්න නියමිතයි. ලෝකය පුරා BTS Lovers ලාට ඒක සතුටුදායක ආරංචියක් බවට සැකයක් නැහැ.

Band එකේ නායකයා RM කියන්නෙ අලුත් ඇල්බම් එකේ වැඩ නිසා ඔවුන් ගොඩක් busy වුණා කියලා. Gym එකට යෑම, දවල් කෑමට පස්සෙ studio එකට යෑම සහ රාත්‍රී 8 විතර වෙනකං වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඔවුන් ජනප්‍රිය තරු බවට පත්වෙන්න කලින් තිබුණ life එක නැවත මතක් කිරීමක් බවයි band එකේ හැමෝම කියන්නෙ. නව යෞවනයන් විදිහට ලෙස ලොව පුරා උමතුවක් ඇරඹූ මේ කොල්ලො ටික දැන් 20 ගණන්වල අගභාගයේ සහ 30 ගණන්වල මුල සිටින තරුණයන්. අලුත් ඇල්බම් එක වෙනුවෙන් දිවා රෑ නොබලා සිය උපරිමයටත් වඩා වැඩියෙන් වෙහෙසුණු බවයි ඔවුන් කියන්නෙ.

BTS

“අපි අලුත්ම දෙයක් කරා කියලා මම හිතනවා”

දිගු නිහැඬියාවකට පසුව එන ඔවුන්ගේ මේ ඇල්බමය දැවැන්ත world tour එකකින් ඇරඹෙනු ඇත්තේ මෑත කාලීන සංගීත ඉතිහාසයේ සළකුණක් තබමින්. 2022 ට පසු ඔවුන් ලබා දෙන පළමු කතාබහ මෙය වීමත් විශේෂත්වයක්. කණ්ඩායමකට වඩා ඔවුන් මිතුරන් සහෝදරයන් වගෙයි පෙනෙන්නෙ. ඒක හරි අපූරු බැඳීමක්. වතාවක් ඔවුන් කණ්ඩායම විසිරවීමට අදහස් කළේ දරාගත නොහැකි කාර්යබහුල බව සහ ආතතිය හේතුවෙන්. Bangtan Sonyeondan හෝ Bulletproof Boy Scouts කියන තේරුම තිබුණ BTS, පස්සෙ Beyond the Scene බවට පරිණාමය වීමම අපූරු නොවේද? වසර හතරකට පෙර ඔවුන් සතුවූ විස්මය ආකර්ෂණය, මායාව තවමත් එලෙසමද?

“අපි හැම වෙලාවෙම එකට ඉන්නෙ. අපි හරියට සහෝදරයො වගේ.”

“ඒක එක විදිහකට නායකයා RM ගේ ආදර භාෂාව.”

ඒ Suga ගේ අදහසට Jimin දුන්නු උත්තරේ.

“RM තමයි අපේ Band එකේ අනන්‍යතාවය. ඔහු නායකයා. ඒ නිසා ඔහුට අපිට වඩා ලොකු පීඩනයක් දැනෙනව ඇති. මට නම් ලොකු stress එකක් නෑ. ඒත් එයාට සමහර වෙලාවට එහෙම බව පේනවා”

එහෙම කියන්නෙ V. සාමාජිකයින්ගේ අදහස්වලින් RM සංවේදී වෙන අතර ‘මම මේ කොල්ලොන්ට හරි ආදරෙයි’ යැයි පවසයි. ඔවුන් වෙලාවකට පාසල් ළමුන් මෙනි. Jimin, Jin ගේ බෙල්ල මිරිකයි. Jin ඔහුගේ කකුලට තට්ටු කරනු පෙනේ. Jung Kook ස්නැක් වර්ගයක් සපමින් කතාබහට එක්වෙයි. V හැමෝගෙම සෙල්ෆියක් ගැනීමට සූදානම් වෙයි.

“අපි එකිනෙකාව සනසගන්නෙ නම් නෑ. ඒත් අපි හිනාවෙලා විහිළුවෙන් කාලය ගත කරනවා. සමහර වෙලාවට එකට බොනවා”

“එයාලා එහෙම තමයි.” 

BTS

Jimin පවසද්දී, RM එසේ කියා හිනැහෙයි. තමන් අතිශයින්ම ජනප්‍රිය Band එකක සාමාජිකයින් වග ඔවුන් අමතක කළාක් මෙන් පෙනේ. Photoshoot එක අතරතුරදී V විස් කලීෆා සහ ස්නූප් ඩොග්ගේ Young Wilde & Free ගීතයට dance කරන්න පටන් ගත්තේය. මේ මිත්‍රත්වය, නිහතමානීකම සුප්‍රකට සංගීත කණ්ඩායමක දකින්න ලැබෙන්නේ කළාතුරකිනි. වරක් Coldplay කණ්ඩායම පැවසුවේ BTS ලාගේ මිත්‍රත්වය ඉතාමත් අව්‍යාජ එකක් බවත් ඔවුන් එකිනෙකාට ආදරේ බවත් ය.

උතුරු කොරියාව සමඟ පවතින මතභේද නිසාවෙන් වයස අවුරුදු 18 ත් 28 ත් අතර සියලුම දකුණු කොරියානු පිරිමින්ට ආසන්න වශයෙන් මාස 18 සිට 21 දක්වා හමුදාවේ සේවය කිරීම (ඔලිම්පික් පදක්කම්ලාභීන් හැර) අත්‍යවශ්‍ය කර ඇත. BTS ලා එයට නොයනු ඇතැයි බොහෝ අය අනුමාන කළත්, ලොවම පුදුමයට පත් කරමින් ඔවුන් සියල්ලෝම හමුදා සේවයට එක්වූ අතර ඒ කටයුතු සාර්ථකව සම්පූර්ණ කළෝය. එහිදී සාමාන්‍ය කොරියානු පුරවැසියන් ලෙසින් එදිනෙදා ජීවිතය අත්විඳින්දේය.

“ඇත්තටම මම කවදාවත් ඔෆිස් එකට පරක්කු වෙලා ගියේ නෑ. විනාඩි 10 ක් කලින් සේවයට වාර්තා කරා. මම කරන්න ඕනෙ ඕනම දේකට ලෑස්ති පිට හිටියා. මුලදි අමුතු බව දැණුනත් පස්සෙ හුරු වුණා. ඒක ජීවිතේ කොටසක් වගේ වුණා”

“අපිට සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට යන්න වීම ඇත්තටම අමාරු වුණා. ඒත් මිනිස්සු හරි ඉක්මන්ට හැමදේටම හුරු වෙනවා. මම කලින්ට වඩා නිරෝගී වෙලා. ජීවිතේ, සමාජය ගැන දැන ගන්න, ගොඩක් මිනිස්සු හම්බෙන්න ලැබුණ එක හොඳ අවස්ථාවක්. හමුදාවේ සිටීම, රටට සේවය කිරීම කොරියාවේ සෑම මිනිහෙක්ටම පොදු දෙයක්”

“ඒක හරිම අමාරු වුණා, මට ඇඬෙන්නත් වගේ. ඒක අභියෝගයක්. ඒත් ඒ දේවල් විඳගන්න ලැබීම අපිට ලොකු දෙයක්”

ඒ, හමුදා පුහුණුව ගැන J – Hope ගේ සහ Jimin ගේ අදහස.

BTS

මේ හැරුණු විට, කාලයත් සමග ඔවුන් හත්දෙනාම වෘත්තීයමය වශයෙන් වැඩි දියුණු වී ඇත. සෑම අයෙක්ම ආකර්ෂණීය සහ වෙනස් ඉදිරිපත් කිරීම් සිදු කළහ. Spring Day (2017), Dynamite (2020), Butter (2021), Blood Sweat & Tears (2016), MIC Drop (Steve Aoki Remix) (2017), Fake Love (2018), Boy with Luv (2019), Fire (2016), DNA (2017) වැනි
අතිශය ජනප්‍රිය ගීත, ඇල්බම ලොවට හඳුන්වා දුන්නේය.

“මට නම්, තනිව වැඩ කිරීම හොඳ අභ්‍යාසයක්, මම දැනගෙන හිටියා මම ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, කලාකරුවෙක් විදිහට වර්ධනය වෙන්න ඕනේ කියල band එකට එන්න කලින්. මම මෙයාලා දිහා බලලා හිතනව ඒ අය කරන දේවල් මටත් කරන්න පුළුවන් වුණානං කියලා. මොකද එයාලා ඒතරම් දක්ෂයි “

“තනිව වැඩ කරන එකෙන් අපිට අපේ රුචිකත්වය දැන ගන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ legends ලා එක්ක හවුලෙ වැඩ කරද්දි. මම ගැන වැඩි විස්තර දැනගන්න. මගේ ආස දේවල් ගැන”

Jimin හා J – Hope කණ්ඩායම ගැන එසේ පවසයි.

“අපි හැමෝම එක එක්කෙනා වෙන වෙනම අගය කරනවාට වඩා BTS අගය කරනවා, අපි කණ්ඩායමක් විදිහට පටන් ගත්තෙ. ඒක තමයි අපේ අනන්‍යතාවය.”

“ආදරෙයි මචං!”

V කියූ දෙයට Jimin, V ඔහු දෙස දෙස බලමින් එසේ කියයි.

පොප් සංගීත ඉතිහාසය තුළ නිහැඬියාවකට පසු වැඩ ඇරඹූ සංගීත කණ්ඩායම් පෙර තිබූ ජනප්‍රියත්වය ළඟාකර ගත් අවස්ථා අල්පය. BTS හි සාමාජිකයින් නැවත වැඩ ඇරඹීමම ජයග්‍රහණයකි. BTS ලා ගේ ඉදිරි ගමන කුමක් වනු ඇතිද?

“BTS අවුරුදු 13ක ගමන පටන් ගත්තේ මම එක්ක. ඊට පස්සේ ඒක ජනප්‍රිය වුණා. හිතුවටත් වඩා හොඳට. ටිකෙන් ටික ලෝකය තව තවත් සංකීර්ණ වෙමින් හා ව්‍යාකූල වෙමින් තියෙනව. කලාව, තාක්ෂණය වේගයෙන් වෙනස් වෙනවා.”

“අවුරුදු දහයකට කලින් අපට ඕනෙ වුණේ ගීත දර්ශකවල ඉහළ ඉන්න එක. ඒක අපිට ලොකු සතුටක් වුණා. ඊට පස්සේ, අපි කලාකරුවන් විදිහට ගොඩක් වර්ධනය වුණා. අපි ඒ කාලේ ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කළ නිසා විතරමයි අපිට මෙතන ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ.”

“අපි හැමෝම තාමත් ගීත ලියන්න, මියුසික් හදන්න ආසයි. අපට ස්ටුඩියෝ එකේ කාමර තුනක් තිබුණා. සමහර වෙලාවට අපි දෙන්නා දෙන්නා බෙදිලා studio room එකකට යනවා. මියුසික් නිර්මාණය, ලිවීම ගැන අපේ අදහස් share කරගත්ත නිසා තමයි හොඳ නිර්මාණ බිහි වුණේ. ඒක නරකට වැඩ කෙරුව අවස්ථාත් තිබුණා. නමුත් ඒක හරි අපූරු දෙයක්.” 

BTS

මේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් ගැන නායක RM, Jin සහ Suga දැක්වූ අදහස්.

මාර්තු 20 වන දින නිකුත් කිරීමට නියමිත නව ඇල්බමය පිළිබඳ ලොවම උනන්දුවෙනි. සාමාජිකයින් ඒ ගැන ඕනෑවට වඩා තොරතුරු බෙදා නොගැනීමට ප්‍රවේශම් වන නමුත් ඔවුන්ගේ ඉඟි උද්යෝගය වඩවයි.

“අපට විවිධ tastes තියෙනවා. මට කියන්න තියෙන්නෙ ඒක ඔයාලා අහලා තියෙන BTS ඇල්බම්වලට වඩා ගොඩක් වෙනස් කියලා. මේ සැරේ BTS හරිම පරිණත වෙලා. කලාකරුවන් සහ මිනිස්සු විදිහට ජීවිතයේ ධනාත්මක සහ ඍණාත්මක පැති දෙකම ප්‍රකාශ කරන්න හැකියාව තියෙන්න ඕනෙ. අපි ඒ දේවල් ගැන හිතුවා. දේවල් වෙනස් වෙමින් ඉස්සරහට යනවා. තාමත් අපි වෙනස් වෙවී පවතිනවා.”

“මම ගොඩක් සංවේදී වෙලා. මට ගොඩක් දේවල් ලැබිලා තියෙන නිසාත්, මේ ලැබෙන ආදරය කොන්දේසි විරහිත නිසාත්, මිනිස්සුන්ට ඒ ආදරය ආපසු ලබා දෙන්නේ කොහොමද කියලා මම දන්නෙ නැහැ. වඩා හොඳ ඉදිරිපත් කිරීම්, ගීත වලින් ඒක මිනිස්සුන්ට දෙන හැටි ගැන මම නිතරම හිතනවා.”

“සමහර විට අපි අපේ ඇල්බම් එක ග්‍රැමී සම්මානයට ඉදිරිපත් කරයි. ඒත්, අපි ඒකට ලොකු ආසාවකින් ඉන්න කැමති නෑ. අපි දැන් ‘ආ, අපට ග්‍රැමී සම්මානෙ ඕනෙ’ කියන්න කැමති නෑ. මම කියන්නෙ අපිට ඒක ඕනෙ නෑ කියන එක නෙමේ. අපි උත්සාහ කරනවා හොඳට කරන්න. සාමාන්‍යයෙන්, සංගීත කණ්ඩායමක් කියන්නේ හතර දෙනෙක් නේද? ඒත් අපි හත් දෙනෙක්. මේ වගේ band එකකට ඉදිරියට යන්න ඉලක්කයක් ඕනෙමයි. නමුත් දැන් මම හිතන්නේ, වැදගත්ම දේ අපි ආයෙමත් එකට ඉන්න එක. අපි ලෝකෙ පුරා රසිකයන් දකින්නයි ලේස්තිය!.”

BTS නායක RM, Suga සහ Jimin කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු ගැන කියන්නේ එහෙම.

සංගීත ලෝකයට ඔවුන් සිදුකළ බලපෑම බීට්ල්ස් හෝ සුප්‍රීම්ස් සමඟ සැසඳිය හැකියැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නම් නොවේ. මුළු ජාතියකම සංගීත ක්ෂේත්‍රය ගෝලීය පොප් වේදිකාවට ගෙන ආ තීරණාත්මක සාධකය BTS ය. සංගීත ලෝකයේ තිබූ වාර්ගික බාධක බිඳ දැමූ ඔවුන්, ආසියානු සංගීතය ජාත්‍යන්තර වේදිකාව කරා රැගෙන ගියෝය.

“අපේ රසිකයින්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපි මේ තරම් දුරක් ඉස්සරහට අරන් ආවට. අපි තවමත් ඉතා හොඳ මිතුරන්. රසිකයෝ තවමත් අපිට ආදරෙයි. එයාලට අපිව ඕන. එයාලා අපිට සහයෝගය දෙනවා. අපිට මේක දිගටම කරගෙන යන්න පුළුවන් නම්, සමහරවිට අපිට අපේ 60 ගණන්වලත් නටන්න පුළුවන් වෙයි. සමහර විට ඒක අපේ දණහිස් වලට ටිකක් අමාරු වෙයි. ඒත් මට හිතෙන්නේ අපිට ඒක කරන්න පුළුවන් කියලා”

Suga එලෙස කියන්නේ හිනැහෙමිනි. ඉන්පසු ඔහු සගයන් දෙස බලමින්,

“දින සියයක්, දහසක් හෝ දසදහසක් වේවා, අපි එකට ඉමු.”

යැයි පවසද්දී, කිසිදු පැකිලීමකින් තොරව සගයන් ද ඔහු හා එක්ව මහ හඬින් කෑගසයි.

“ඔව්, අපි එකට ඉමු….!”

– GQ ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you