Newsමෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

-

spot_img

මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන් පසු, ලිංගික හිරිහැර කිරීම රට පුරා අපරාධයක් බවට පත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඇය පවසා ඇත්තේ, අසල්වැසියන් පිරිසකට ආචාර කරමින් සිටියදී, බීමත්ව සිටි පුද්ගලයෙකු ඇගේ උරහිස වටා අත දමා, අනෙක් අතින් ඇගේ ඉන සහ පපුව ස්පර්ශ කර, ඇගේ බෙල්ල සිප ගැනීමට උත්සාහ කර ඇති බවයි.

මෙම සිදුවීම කැමරාවේ සටහන් වී ඇති අතර, එය සිදුවන මොහොතේ ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය අසල සිට නොමැති බවයි වාර්තා වෙන්නේ.

මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය පවසා සිටියේ, තමන් එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කළ බවත්, මෙම සිදුවීමෙන් පසු ලිංගික හිංසනය සම්බන්ධයෙන් රට පුරා නීති සමාලෝචනය කරන බවයි.

පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මෙය රටේ සහ ලෝකයේ බොහෝ කාන්තාවන් අත්විඳින දෙයකි” යනුවෙන් ජනාධිපතිනිය සිය සමාජ මාධ්‍ය සටහනක සඳහන්කර සිටියා.

ඇය පෙන්වා දුන්නේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇය සහ ඇගේ කණ්ඩායම ජාතික මාලිගයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පයින් යාමට තීරණය කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවයි.

ජනාධිපතිනිය මෙක්සිකෝව පුරා සිටින ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ, මෙවැනි ප්‍රහාර වාර්තා කිරීම කාන්තාවන්ට පහසු කිරීම සඳහා ඔවුන්ගේ නීති සහ ක්‍රියා පටිපාටි පරීක්ෂා කර බලන ලෙසයි.

“කාන්තාවන්ගේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය නොකළ යුතුයි” යනුවෙන් ඇය පවසා සිටියා.

මෙම සිදුවීම මෙක්සිකෝවේ කාන්තා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී වාර්තාව කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එහිදී, ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් වී ඇති අතර, මානව හිමිකම් කණ්ඩායම් කාන්තා ඝාතන අර්බුදයක් පිළිබඳව අනතුරු අඟවා ඇති බව සඳහන් වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ, මෙක්සිකෝවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනෙකු ඝාතනයට ලක්වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙක්සිකානු කාන්තාවන්ගෙන් 70%ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් ලිංගික හිංසන සිද්ධියකට හෝ මුහුණ දෙනු ලබනවා.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you