More
    Newsමෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    -

    spot_img

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන් පසු, ලිංගික හිරිහැර කිරීම රට පුරා අපරාධයක් බවට පත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

    ඇය පවසා ඇත්තේ, අසල්වැසියන් පිරිසකට ආචාර කරමින් සිටියදී, බීමත්ව සිටි පුද්ගලයෙකු ඇගේ උරහිස වටා අත දමා, අනෙක් අතින් ඇගේ ඉන සහ පපුව ස්පර්ශ කර, ඇගේ බෙල්ල සිප ගැනීමට උත්සාහ කර ඇති බවයි.

    මෙම සිදුවීම කැමරාවේ සටහන් වී ඇති අතර, එය සිදුවන මොහොතේ ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය අසල සිට නොමැති බවයි වාර්තා වෙන්නේ.

    මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය පවසා සිටියේ, තමන් එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කළ බවත්, මෙම සිදුවීමෙන් පසු ලිංගික හිංසනය සම්බන්ධයෙන් රට පුරා නීති සමාලෝචනය කරන බවයි.

    පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    “මෙය රටේ සහ ලෝකයේ බොහෝ කාන්තාවන් අත්විඳින දෙයකි” යනුවෙන් ජනාධිපතිනිය සිය සමාජ මාධ්‍ය සටහනක සඳහන්කර සිටියා.

    ඇය පෙන්වා දුන්නේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇය සහ ඇගේ කණ්ඩායම ජාතික මාලිගයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පයින් යාමට තීරණය කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවයි.

    ජනාධිපතිනිය මෙක්සිකෝව පුරා සිටින ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ, මෙවැනි ප්‍රහාර වාර්තා කිරීම කාන්තාවන්ට පහසු කිරීම සඳහා ඔවුන්ගේ නීති සහ ක්‍රියා පටිපාටි පරීක්ෂා කර බලන ලෙසයි.

    “කාන්තාවන්ගේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය නොකළ යුතුයි” යනුවෙන් ඇය පවසා සිටියා.

    මෙම සිදුවීම මෙක්සිකෝවේ කාන්තා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී වාර්තාව කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

    එහිදී, ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් වී ඇති අතර, මානව හිමිකම් කණ්ඩායම් කාන්තා ඝාතන අර්බුදයක් පිළිබඳව අනතුරු අඟවා ඇති බව සඳහන් වනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ, මෙක්සිකෝවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනෙකු ඝාතනයට ලක්වන බවයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙක්සිකානු කාන්තාවන්ගෙන් 70%ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් ලිංගික හිංසන සිද්ධියකට හෝ මුහුණ දෙනු ලබනවා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page