More
    Newsමන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍රට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ CIDයට...

    මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍රට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ CIDයට පැමිණිලි !

    -

    spot_img
    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පසුගියදා තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (21) අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කරන ලදී.

    මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ නව ජනතා පෙරමුණේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසිනි.

    පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,

    “අපිට මතකයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණා. ඒ වගේම මතකයි එස්. බී. දිසානායක අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක වුණා. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි අද අධිකරණ සේවා කොමිසමේ ලේකම්තුමාට ලිපියක් යොමුකළා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරලා, අධිකරණයට අපහාසයක් වෙලා තියෙනවා නම් නීතිමය කටයුතු කරන්න කියලා”

    ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය වහාම අත් අඩංගුවට ගතයුතු බවත් ඇයගේ නීතීඥභාවය අහෝසි කළයුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page