Newsනිල සංචාරයක් සඳහා අගමැති හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා අගමැති හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි

-

spot_img

අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 191 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.40ට පමණ අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අතර අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු එම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන 18 වනදා දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ රැඳී සිටිනු ඇති.

NDTV සහ චින්තන් පර්යේෂණ පදනම විසින් සංවිධානය කරන NDTV ලෝක සමුළුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් එම සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිතයි.

“අවිනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්යාස මෙහෙයවීම” යන තේමාව යටතේ ඇය එම දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිහිපයකට එක්වීමට ද නියමිතයි.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you