More
    Newsනිල සංචාරයක් සඳහා අගමැති හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි

    නිල සංචාරයක් සඳහා අගමැති හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි

    -

    spot_img

    අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 191 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.40ට පමණ අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අතර අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු එම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

    ඒ අනුව අද සිට ලබන 18 වනදා දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ රැඳී සිටිනු ඇති.

    NDTV සහ චින්තන් පර්යේෂණ පදනම විසින් සංවිධානය කරන NDTV ලෝක සමුළුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් එම සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිතයි.

    “අවිනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්යාස මෙහෙයවීම” යන තේමාව යටතේ ඇය එම දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    මෙම නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිහිපයකට එක්වීමට ද නියමිතයි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page