NovelsShort Storiesතරුවක ආදර කතාවක්

තරුවක ආදර කතාවක්

-

spot_img

තරුවක ආදර කතාවක්

” මේ තමයි ඔයා ආසම දේ… මම හරි නේද?”

ඔහු සන්සුන්ව පැවසීය.

” දිලිසෙන පුංචි තරු දිහා බලාගෙන මේ වහල උඩ ඉඳගෙන ඉන්න එක..”

“ඔව්..”

මම හිස වනමින් පැවසුවෙමි.

මොන තරම් සොඳුරු දසුනක්ද එය..කුඩා තරු කැට මදෙස බලමින් සිනාසෙනු දකින්නට මම ආශා කළෙමි.හැම අන්ධකාරයක් තුළම පුංචි හෝ දීප්තියකුත් ඇතිබව ඒ තරු මට කියා දුනි.

“ඇයි මං එක්ක මෙතන ඉඳගත්තේ Adam? ”

මා තවත් දොඩමළු වන බව දන්නා නිසාදෝ ඔහු කිසිවක්ම නොපවසා සිටියේ ය.

“ඔයා මට දවසක් කිව්වා තරු දිහා බලාගෙන ඉන්න එපා කියලා…ඉතිං ඇයි ඔයා අද රෑ මගෙත් එක්ක ඉන්න හිතුවෙ…?”

මම සෙමින් ඇසුවෙමි.

” මේ මම ඔයා ළඟ ඉන්න අන්තිම දවස වෙයි… ”

Adam සන්සුන්ව පැවසීය. මම නොසන්සුන් වූයෙමි.මේ ඔහු එලෙසින් පැවසූ පළමු වතාව නොවේ.හැර යාමට හැකි වුවද,ඔහු තවමත් මා අත්නොහැර සිටියි.

“Nina, ඇයි ඔයා මේ තරුවලට මෙච්චර ආදරේ…?”

නිහඬබව බිඳිමින් ඔහු ඇසුවේ ය.මම සිනාසෙමි.

“මම දන්නේ නැහැ Adam… මට හිතෙනවා ඒ තරු හැදිලා තියෙන්නෙ මං වෙනුවෙන් කියලා. සමහර වෙලාවට ඒවා මට මග පෙන්වනවා වගේ.ඒවා මට හිනාවෙන්න මතක් කරනවා…”

ඔහු මගේ පිළිතුරට සිනාසෙයි.ඒ පියකරු සිනහවේ අරුත දැනගැනීමට මට උවමනා ය.බොහෝ කාලයක් දැන සිටියාක් මෙන් ඒ සිනහව මට හුරුපුරුදු ය. ඔහු මදෙස බලා සිටියි.

“ඇයි Adam ඔයා මේ තරුවලට අකමැති..?”

” ඒක හරියට කෙනෙක් මැරෙන තුරු ඒ දිහා බලාගෙන ඉන්නවා වගේ දෙයක්..” ඔහු අහසට නෙත් යොමාගෙනම පැවසීය.

” ලස්සනට තිබුනට මේ තරුත් මැරෙනවා Nina.හරියට කවදාහරි මැරිලා යන අපේ බලාපොරොත්තු වගේම…”

ඔහුට පැවසීමට පිළිතුරක් මා සතු නොවුණි.අප අතර නිහැඬියාවක් ඇති වූ අතර සියුම් වේදනාවක් මගේ හදවත තුළ ඇතිවිය.

” මට බයක් දැනෙනවා …” ඔහු පැවසුවේ ය.

“Look at those twinkling stars that are shining for you ”

ඔහු ගීයක් මිමිණීය.ඒ ඇස් දිලිසෙනු මම දුටුවෙමි.

“ඔයා අඬනව ද Adam..?”

ඒ දෙනෙත් මවෙතට යොමු වී තිබුණි.ඒ දුඹුරු ඇස් මත තැවරී ඇති ඔහුගේ ආත්මය මට පෙනේ. මට පැවසීමට යමක් ඔහුට ඇතිවාක් මෙනි. මට එය ඔහුගේ මුවින් ඇසීමට උවමනාය.

” ඔයා Cold play ලගෙ රසිකයෙක් එහෙනම්..?”

” නැහැ. ඒත් ඔය තරු පායන්නේ ඔයා වෙනුවෙන්.. ඒ තමයි ඇත්ත..”

මට ඔහුගේ බැල්ම මගහැරීමට අවැසි වුවත් එය කරන්නේ කෙලෙසදැයි මා දැන නොසිටියෙමි. ඔහු සිහින් සිනහවක් මවෙත තිළිණ කළේය. මම ඔහු දෙසටම නෙත් යොමාගෙන සිටියෙමි.

” ඔයා දන්නවද..ඒ සමහර තරු මගේ හදවතේ කොටස්… ” Adam පැවසීය.

“Adam..,කතා පොතක චරිතයක් වෙන්න හදන්න එපා අනේ..”

මම නොමනාපයෙන් පැවසූවෙමි.

” මම ඇත්තටමයි එහෙම කිව්වෙ Nina.”

ඒ බව මට ඔහුගේ දෙනෙත්වලින් වැටහුනි.

“හැමදෙයක්ම අමතක කරලා අපි මේ රැය විඳගමු Adam..”

“ටිකක් ඇස් පියාගන්න. ඊට පස්සෙ මම කියන දේ අහන්න..”

Adam…Please …

ඔහු බැගෑපත්ව මදෙස බැලීය.

මම සිතිවිලි තුළ ගිලෙමින් දෙනෙත් වසා ගත්තෙමි. ඔහු මගේ අත අල්ලාගත්තේය. ඒ ඔහු මා අතින් අල්ලා ගන්නා අවසන්වතාව බව මට වැටහුනි.

” මම ප්‍රබන්ධවලට කැමතියි. ඒත් ඔයා මේ අහන්න යන දේවල් ප්‍රබන්ධ නෙමේ.. ඒවා ඇත්ත.”

ඔහු මගේ දෝතම අල්ලා ගනිමින් පැවසුවේ ය. මගේ හදගැස්ම වැඩිවනු මට දැනුනි.ඔහු කියන්නට යන දේ ගැන බියක් මා සිතෙහි ඇතිවිය. කඳුළු පාලනය කිරීමට වෙරදරන ඔහුගේ වෙව්ලන කටහඬ මට ඇසිනි.

” මම ඔයාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වුනා Nina”

“ඔයා මොනවද කියන්න හදන්නෙ Adam?”

“සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න නියමිත දේවල්. මට ඔයාගේ පරණ මතක ආයෙම අලුත් කරන්න ඕන නෑ…”

ඔහු පැවසීය.

“Adam…..”

“මම නතරවෙන එක තමයි හොඳම. මම ඔයාගේ අතීතයේ ඉන්නම්.. ඇත්ත.. මම ඔයාගේ ජීවිතයේ කොටසක් වුනා. මට දුකයි.නමුත්…තවදුරටත් මට ඔයාගේ අනාගතයේ කොටසක් වෙන්න බැහැ.. මේ තමයි අන්තිම වතාව..”

ඔහු කඳුළු අතරින් මගේ අතැඟිලි සිපගත්තේ ය.

මතක දහරාවක් මා සිතට නැගී එන්නට විය. මුල් වරට ඔහුව දුටු දිනය.මගේ අත්වලින් ගිලිහී ගිය පොත් කිහිපය ඔහු අහුලා දුන් අයුරු.ඔහු මගේ නම ඇසූ දිනය. මුල්වරට අපි එක්ව දිවා ආහාරය ගත් දිනය. ඔහු මට ප්‍රේමය ප්‍රකාශ කලේ මල් පොකුරක් සමගින්. මම ඔහුට ආදරේ බව මා පැවසුවේ ලොකු සතුටකින්. අපි වැස්සේ තෙමුන හැටි. එදින ඔහුට සෙම්ප්‍රතිශ්‍යාවත් වැළඳුනා.
මගේ ජීවිතයේ උදාවූ ලස්සනම උපන්දිනය සැමරුවේ ඔහු සමගින්. ඔහු මට තිළිණයක් දුන්නා. ඒ මගේ ප්‍රියතම කතුවරයාගේ පොතක්. Augustus Waters සහ Hazel Grace Lancaster කියන ආදරණීය පෙම්වතුන් මට මුණගැහුනේ ඒ පොතෙන්. දින තුනකින් මම ඒ කතාව කියවා නිම කලා.
ඔහු හා නවකතාවේ අවසානය පවසද්දී මට ඇඬුනා. ඔහු මා තුරුල් කරගනිමින් ,”අඬන්න එපා,අපිට එහෙම වෙන්නේ නැහැ..” යනුවෙන් මිමිණුවා.
මතකයන් නොනැවතී ගලා එන්නට විය. මගේ ජීවිතයට සිදුවූයේ කුමක් ද, සිදුවෙමින් පවතින්නේ කුමක්ද සහ සිදුවන්නට යන්නේ මොනවාද කියා මම නොදනිමි. මා එතරම්ම ව්‍යාකූලව සිටියෙමි.

” මේ මොහොත අපේ අතීතයේ කොටසක් වේවි Nina. මේ තමයි මම ඔබ හා ගතකළ සුන්දරම මොහොත.”

ඔහු පැවසීය.

“අපිට බැඳීමක් තිබුනා. මට ඔයාව ආයෙමත් අතීතයට අරන් යන්න පුළුවන් නම්.. සතියකට හරි..”

ඔහු බරැති සුසුමක් පිට කළේ ය. මම දෙනෙත් විවර කළෙමි. ඔහුගේ සිනහව දුක්බර ය.

“වර්තමානයට එන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගෙ දුක අඩුවේවි. ඊට පස්සෙ ඔයා මං වෙනුවෙන් දුක් වෙන එකක් නැහැ. ඔයාට මතකද මම දිවුරුවා, ඔයාව සතුටින්ම තියෙන කෙනා වෙන්නේ මං කියලා…?
ඒ නිසා මට බැහැ මම නිසා ඔයා දුක් වෙනවා බලාගෙන ඉන්න..”

ඔහු දුක්මුසුව පැවසුවේ ය.

“මේ තරු ඔයා වෙනුවෙන් පමණක් ම බැබලෙන්න අදහස් කරන මගේ හදවතේ කොටස්…”

ඔහු මෘදුව මිමිණීය.

ඔහු මා වෙනුවෙන් අඬන වග දැනී මසිත වේදනාවෙන් බර විය.

“දුක් වෙන්න එපා .මම හැමදාම ඔයා එක්ක ඉන්නවා..”

ඔහු මගේ කම්මුලක් ස්පර්ශ කරමින් පැවසීය. මම ඔහුගෙන් හාදුවක් බලාපොරොත්තු වූයෙමි.
මම නැවත දෙනෙත වසාගතිමි. මට හැඬීමට අවශ්‍ය විය. හදවත කැබලිවලට කැඩී විසිරෙන්නාක් මෙන් මට දැනිනි.

“Adam….ඇයි?, මොකද වුනේ ඇත්තටම …?

“මම ඔයා දිහා බලන අවසාන වතාව..”

ඔහු පැවසීය. අවසන් වරට ඔහු මා හා සිනාසුනි.

මොහොතකින් ඔහු මගේ දසුනින් ඈත් විය.

සිදුවූ දේ නිවැරැදි ව මතකයට නගා ගැනීමට මට හැකිවූයේ ඉන් පසුවය.

Adam…. කවුද ඔහු?

මගේ හොඳම මිතුරා ඔහු ය. මගේ ප්‍රථම ප්‍රේමය ඔහු ය. වසර කිහිපයකට පෙර මෙලොව හැරගිය මගේ ආදරණීය සැමියා ඔහු ය.

(පිලිපීන ජාතික ලේඛිකාවක් වන Ren Ednalig විසින් රචිත කෙටිකතාවක් ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි.)

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you