“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ තිබී “ කුෂ්“ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 632 ක්, “ කොලැජන් “ පැකැට් 2”160 ක් මෙන්ම “ විටමින් සී “ පෙති 6,390 ක් තිබී සොයාගෙන තිබෙනවා.
රේගු නිලධාරී භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ විසි දහසක් වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකු සහ මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.



