කෑම මේසයට රසවත් වෙනසක් – Polos pickles
පෝෂණ ගුණයෙන් වගේම රසෙනුත් ඉහළ කෑමක් තමයි පොලොස්. සාමාන්‍යයෙන් පොලොස් හදන්නෙ කරි විදිහටනේ. වෙනසකටත් එක්ක මේ පොලොස් අච්චාරුව හදලා බලන්නකෝ. ඒක කෑම මේසයට රසවත් වෙනසක් වෙයි.

• අවශ්‍ය ද්‍රව්‍ය:
පොලොස් 500g
ගොරකා කෑලි 2 ක්
ලුණු ස්වල්පයක්
කහ කුඩු තේ හැඳි 1/2
රතු ළූණු 150g
අමු මිරිස් කරල් 15 – 20 ක් 
කොච්චි කරල් 10 ක්
අබ පේස්ට් මේස හැඳි 5 ක්
ඉඟුරු පේස්ට් ස්වල්පයක්
තලා ගත් සුදු ළුණු බික් 10 ක්
කුරුදු පොතු ටිකක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක්
විනාකිරි මේස හැඳි 8 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/2
කැරට් අලයක්
සීනි මේස හැඳි 3 ක්
• සාදන ආකාරය
පොලොස් ගෙඩිය හොඳට සුද්ද කර ගෙන තරමක කෑලි වලට කපා ගන්න. වළඳකට පොලොස් ටික දමා වතුර, ගොරකා, ලුණු ස්වල්පයක් සහ කහ කුඩු එකතු කර බෙරි නොවෙන්න තම්බා ගන්න. ඊට පස්සෙ තම්බා ගත්ත පොලොස් කෑලි ටික වතුර පෙරා නිමෙන්න තියන්න. පොලොස් ටික නිමෙනකන් අමු මිරිස් සහ කොච්චි කරල් දෙකට පලා ගන්න. පොලොස් ටික නිමුනහම තව ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න.

දැන් මැටි ඇතිලියකට අබ පේස්ට්, තලා ගත් ඉඟුරු, සුදු ළුණු, කුරුදු පොතු, ගම්මිරිස් කුඩු, ලුණු, මිරිස් කුඩු සහ විනාකිරි ටික දමා හොඳින් කලවම් කර ලිප තබා හොඳට රත් කරගන්න. විනාකිරි මිශ්‍රණය රත් වුණාට පස්සෙ රතු ළූණු ටික එකතු කර ගන්න. ඊළගට අමු මිරිස් සහ කොච්චි ටික එකතු කර ගන්න. ඊට පස්සෙ සිහින්ව කැපූ කැරට් එකතු කරන්න.




