Fashion and Beautyඇඟට ගැළපෙනම බ්‍රා එක තෝරගන්න

ඇඟට ගැළපෙනම බ්‍රා එක තෝරගන්න

-

spot_img

ඇඟට ගැළපෙනම බ්‍රා එක තෝරගන්න 

සිරුරට හරියටම ගැලපෙන බ්‍රා (Bra) එකක් ඔබගේ සුන්දරත්වය වැඩි දියුණු කරනවා. ඇඟට fit නොවන හෝ තරමට වඩා කුඩා බ්‍රා එකක් ඇන්දොත් දවසම අපහසුවෙන් ගත කරන්න වෙනවා. ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි තමන්ට හරියටම ගැළපෙන බ්‍රා එකක් තෝරගන්නෙ කොහොමද කියන එක. බ්‍රා එකක් මිලට ගන්න කලින් මේ දේවල් ගැන දැන සිටීමෙන් ඔබට සුවපහසුවක් වගේම සුන්දර පෙනුමකුත් ලැබේවි.

bra that fits best.

• බ්‍රා එක අවශ්‍ය මොන ඇඳුමටද?

මේ ගැන තමයි ඉස්සෙල්ලම සැළකිලිමත් වෙන්න ඕනේ. ඔයා බ්‍රා එක අඳින්නෙ සාරි ජැකට් එකකටද, party frock එකකටද, අත් රහිත ඇඳුමකටද, නැත්තම් සාමාන්‍ය ගමන් බිමන් සඳහා ද කියන දේ ගැන හිතන්න. මොකද වෙළඳ පොලේ මේ හැම ඇඳුමකටම සුවිශේෂ බ්‍රා වර්ග තියෙන නිසා ගැළපෙන දේ මිලට ගන්න එක පහසුවක් වේවි.

• Bra Size එක හරියටම මැන ගන්න.

මේකට ඔයාගෙ පපුව වටේ සයිස් එක සහ පියයුරු වටේ (cup size එක) කියන දෙකම ඇතුළත්. ටේප් එක ගොඩක් තදට ඔතා නොගෙන මැන ගන්න. සිරුරේ බර වැඩිවීම හෝ අඩුවීම, හෝමෝන වෙනස්කම් වගේ දේවල් නිසා sizes වෙනස් වෙන්න පුළුවන් බැවින් අවුරුද්දකට වතාවක් bra size එක මනින්න.

bra that fits best.

• බ්‍රා එක ඔයාට ගැළපෙන බව දැනගන්නෙ කොහොමද?

*බ්‍රා පටිය ඇඟට ගානට තියෙනවා. උඩට පහලට වෙන්නෙ නැහැ. ඒ වගේම උරහිසට තදවෙලා වේදනාවක් දැනෙන්නෙ නැහැ.

* පියයුරු bra cup වලින් එළියට එන්නෙවත්, cups ඇතුලෙ ඉඩකඩ වැඩි වෙන්නෙවත් නැහැ. ඒ කියන්නෙ cups හරියටම පියයුරුවල ගානටම තියෙනවා.

• කාන්තාවන්ගෙ සිරුරු හැඩ වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි වැලි තැටියක හැඩය හෙවත් Hourglass shape එක, පෙයාස් ගෙඩියක හැඩය හෙවත් pear shape සහ ඇපල් ගෙඩියක හැඩය හෙවත් apple shape. ඔබේ සිරුරේ හැඩය ගැන දැන සිටීමත් සිරුරට ගැලපෙන බ්‍රා එක තෝරගන්න පහසුවක් වෙනවා. එයින් ඔබට තේරුම් ගන්න පුලුවන් අවශ්‍ය වෙන්නෙ පියයුරුවල ප්‍රමාණය විශාල / කුඩා කර පෙන්වන බ්‍රා එකක්ද වගේ දේවල්.

bra that fits best.

• බ්‍රා වර්ග

වෙළඳපොලේ තියෙන බ්‍රා වර්ග ගැන දැන සිටීම අත්‍යවශ්‍ය දෙයක්. එයින් ඔබට ගැලපෙනම දේ තෝරාගන්න පුලුවන්.

T-shirt Bra

ටී ෂර්ට් සහ එදිනෙදා ගමන් බිමන් සඳහා සුදුසු ලෙස සුමුදු නිමාවකින් යුතුයි.

Push-Up Bra

කර ගැඹුරින් කැපූ ඇඳුම් සහ party frocks සඳහා සුදුසුයි.

Wireless & Bralettes

මේවා සුවපහසුව ඉන්න කැමති අයට සුදුසුයි. උරහිස් රහිත ඇඳුම් සඳහාත් ගැළපෙනවා.

Sports Bra

Gym එකට, sports කරන අයට ගැළපෙනවා.

ඒවගේම Strapless & Plunge Bras, Minimizer Bra වගේ වර්ග ගොඩක් තියෙනවා.

bra that fits best.bra that fits best.

වැදගත්ම දේ තමයි එකම බ්‍රා එක හැම ඇඳුමකටම ගැලපෙන්නෙ නැහැ. ඒ වගේම bra sizes බ්‍රෑන්ඩ් එකින් එකට වෙනස් වෙන්න පුළුවන් නිසා ඒ ගැන සැළ කිලිමත් වෙන්න.

ඒ වගේම ඔබේ සමට සුවපහසු රෙදිවලින් නිමවූ බ්‍රා එකක් තෝරාගන්න. Cotton, Microfiber, Lace, Sports Fabrics වගේ fabrics වලින් තමයි මේව හදන්නෙ. ඒවගේම බ්‍රා එක පිරිසිඳු කිරීමේදී අතින් සේදීමෙන් දිගුකල් පාවිච්චි කරන්නත් , බ්‍රා එකේ හැඩය මනාව පවත්වා ගන්නත් පුළුවන්.

බ්‍රා එකක් අඳින්න ඕනෙ නිසා අඳින්නෙ නැතිව මේ දේවල් ගැන සැළකිලිමත් වුණොත් ඔබට සුන්දර පෙනුමක් ලැබෙනවා මෙන්ම දවස පුරාම සුවපහසුව සිටින්න පුළුවන්. ඒවගේමයි දැනුවත්කමින් කරන මිලට ගැනීම් නිතරම අපේ කාලයත් මුදලත් ඉතිරි කර දෙනවා.

Latest news

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...
- Advertisement -spot_img

රත් දෝතළු – 61

රත් දෝතළු - 61 පැවතියේ මොහොතක නිහැඬියාවකි. පිටතින් සංගීත රාවය නිවස තුළට ගලා ආවේය. අහස් කුමක් කියාවිද කියා මම බලා...

කොල පාට හා නිල් පාට

කොල පාට හා නිල් පාට - The Colors of Life "ඔයාට තව චායි එකක් ගේන්නද? " ගීතා ඇගේ සැමියා භාරත් ගෙන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you