More
    Newsඅමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    -

    spot_img

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසනවා.

    IRIS DENA යුද නෞකාව ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව ද අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

    සිය සබ්මැරීනයක් මගින් IRIS DENA යුද නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී ගිල්වා දැමූ බවයි අමෙරිකාව ප්‍රකාශ කළේ.

    ඉන් අනතුරුව ඉරානය ලක් රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් හා මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළා.

    ඒ අනුව එම අනතුරෙන් දිවි බේරාගත් එම නෞකාවේ සිටි පුද්ගලයන් 32 දෙනෙකු සහ එහිදී සොයාගත් තවත් පුද්ගලයන් 87 දෙනෙකුගේ සිරුරු ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන ඒමටයි ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේ.

    එවන් පසුබිමක් තුළ ආපදාවට ලක්ව ඇති ඉරානයට අයත් තවත් නෞකාවක් වන IRIS BUSHEHR නමැති නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදෙන ලෙසට එරට බලධාරීන් ලක් රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.

    ඒ අනුව ලක් රජයේ අවසරය මත එම නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නංගූරම් ලා තිබෙනවා.

    IRIS BUSHEHR නෞකාවේ සිටි පුද්ගලයන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගනු ලැබූ අතර එම පිරිස ඉන් අනතුරුව වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ගියා.

    එම කටයුතු සිදුකළේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

    කෙසේවෙතත් මෙරට රඳවාගෙන සිටින එම ඉරාන නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවටද අමෙරිකාව ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 45

    රත් දෝතළු - 45 රාත්‍රියේ සුව නින්දක් නොලැබුවද පසුදින සුපුරුදු වෙලාවටම මට ඇහැරිණි. තේ සාදාගෙන බෝතලයට දමා මම එයත් රැගෙන...

    Beauty hacks ලස්සන වෙන කුස්සියේ රහස්

    Beauty hacks ලස්සන වෙන කුස්සියේ රහස් පැහැපත් සමක්, නිරෝගී හිසකෙස්, ශක්තිමත් නිය පෙළක් ලබා ගන්න ගොඩක් අය සිහින මවනවා. ආලේපන,...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page