Foodඅපි ආසම කඩචෝරුවක් - ඉස්සෝ වඩේ

අපි ආසම කඩචෝරුවක් – ඉස්සෝ වඩේ

-

spot_img

අපි ආසම කඩචෝරුවක් – ඉස්සෝ වඩේ

ඉස්සෝ වඩේ කියන්නෙ ලොකු කුඩා කවුරුත් ආස snack එකක් නැත්තම් කඩචෝරුවක්. අපේ රටේ ජනප්‍රියම street food එකක් තමයි ඉස්සො වඩේ. කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති මේවා, රස වගේම ගුණ කෑමක්. ඉස්සො වඩේවල ප්‍රෝටීන්, මේදය එහෙම බහුලයි. හවස තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි මේ. පිරිසිඳුව, රසට ගෙදරදීම පහසුවෙන් ඉස්සො වඩේ හදාගන්නෙ කොහොමද කියලා බලමු. 

prawn vada

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉස්සන් 150g

කඩල පරිප්පු කෝප්ප 1 1/2

ඉඟුරු පේස්ට් මේසහැඳි 1 ක්   

රතු ලූණු ගෙඩි 6 ක්

වියලි මිරිස් කරල් 12 ක්  prawn vada

සුදුලූණු බික් කිහිපයක්

කරපිංචා

කහ කුඩු තේහැඳි 1

මිරිස් කුඩු තේහැඳි 2

ලුණු රස අනුව

දෙහි යුෂ තේ හැඳි 1

පාන් පිටි මේසහැඳි 3

පොල් තෙල්

• වඩේ එක උඩ ඇතිරීමට

රවුමට කපා ගත් ලොකු ලූණු ගෙඩියක්

කපා ගත් අමු මිරිස් කරල් 4

පොත්ත සුද්ද නොකල ඉස්සන්

• සාදන ක්‍රමය

කඩල පරිප්පු වතුරේ දමා පැය තුනක් පමණ තියෙන්නට හැර, වතුර බේරා පිටි කර ගන්න. ඉස්සන් ටික සුද්ද කරගෙන එයට දෙහි බෑයක යුෂ සහ කහ කුඩු ස්වල්ප‍යක් එකතු කර අත ගා ගන්න. මීළඟට පිටිකර ගත් පරිප්පු වලට ඉඟුරු පේස්ට්, සුදුලූණු, රතුලූණු, වියළි මිරිස් කරල්, කරපිංචා සහ ඉස්සන් 6ක් එකතු කර හොඳට කොටා ගන්න. මීළඟට මිශ්‍රණය භාජනයකට දමා එයට ලුණු, පාන් පිටි සහ මිරිස් කුඩු එකතු කර හොඳින් කවලම් කර ගන්න.

prawn vada

දැන් අත්ලේ වතුර තවරාගෙන අවශ්‍ය ප්‍රමාණයෙන් පරිප්පු මිශ්‍රණය බෝල සාදා පැතලි හැඩයට හදා ගන්න. මීළඟට ඒවා මත පොත්ත සුද්ද නොකෙරූ ඉස්සන් එක බැගින් තබා තරමක් තද කර ගන්න. (කැමතිනම් පාන්පිටි ටිකකට වතුර ටිකක් එකතු කර මිශ්‍රණයක් හදා එය වඩේ එක මත ආලේප කර ඒ මත ඉස්සන් රඳවා ගන්නත් පුළුවන්) දැන්, බඳුනකට පොල්තෙල් එකතු කර රන්වන් පැහැයට හැරෙන තුරු ඉස්සො වඩේ බැද ගන්න. කපා ගත් ලූණු සහ අමු මිරිස් වඩේ එක උඩින් දමා ගන්න. උණු උණුවේම රස විඳින්න!

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you