NovelsRath Dothaluරත් දෝතළු - 18

රත් දෝතළු – 18

-

spot_img

රත් දෝතළු – 18

නිර්මාණිගේ සිනා හඬින් නිවස දෝංකාර දෙන්නාක් මෙනි. එය සිනහ සෙන්නට තරම් දෙයක්ද? මා සිත නොස්නසුන්ය.

“මට තේරෙන්නේ නැහැ ඔයා මොනවා කියනවද කියලා…”

නොමනාපයෙන් මම කීවෙමි.

“හ්ම්ම්… සංජු කියන්නේ කොල්ලෙක් නෙවේ… එයා මැදි වයසේ මනුස්සයෙක්… දැන් හතළිස් දෙකයි… මං ඒකයි කිව්වේ එයා කොල්ලෙක් නෙවේ කියලා…”

එහෙනම් එයයි කාරණය. සැහැල්ලූවක් මා සිතට දැනිණි. කෙසේ හෝ ඒ පිරිමියෙකි. මුවින් පිටවන්නට ගිය සිනහව මම ආයාසයෙන් මැඩගතිමි.

“ඒක මිසක්…”

මම කීවෙමි.

“එයා නිතරම මෙහෙ එන්නේ නැහැ… ඔයාට අවුල් ගියේ ඒ නිසාද…?”

“ඒක එහෙම නෙවේ කියලත් කියන්න බැහැ… මට ඔයා කරන කියන දේවලට විරුද්ධ වෙන්නවත් අනුබල දෙන්නවත් ඕන නැහැ… ඒත් මං ඉන්න එක ඔයාට බාධාවක් කියලා මට හිතුණා…”

“පිස්සු උඹට… එහෙම දෙයක් නැහැ… මං සංජුටත් කිව්වා… ඔයාට හොඳ ජොබ් එකක් බලලා හොයලා දෙන්න කියලා… දැනට එයාලා ගාව නම් වේකන්සි නැහැ කිව්වා… ඒත් එයා බලයි… අපි බලමු… ඩෝන්ට් වොරි…”

“නිකන් ඉන්න ගියාමත් එපා වෙනවා නිරූ…”

“ඔව්… මට තේරෙනවා…”

“ඒක නෙවේ… කොහොමද ඔයාට සංජුව හමුවුණේ…? ඔයා මට කිව්වේ නැහැනේ ඒ ගැන…”

ඈ දෑස් යටින් බලා පෑවේ මනමාල සිනහවකි.

“එයාගේ නම් සංජය… ඇත්තටම එයා අපේ කස්ටමර් කෙනෙක්…”

ඈ කියන විට මම මවිත වූයෙමි. එසේනම් ඔහුත් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය ආ අයෙකුය. ඒ බවක් මට මුලින් නොසිතිණි.

“ඉතින්…?”

කුතුහළය මා මුවින් පිට වූයේ එසේය.

“එයා ඇවිත් තිබුණේ එයාගේ ෆොරීන් යාළුවෙක් එක්කගෙන… සංජුත් ඉතින් යාළුවගේ වුවමනාව නිසා මසාජ් එකකට අපොයින්මන්ට් එකක් දාගෙන… ඔහොම තමා මට එයාව මීට් වුණේ… එයා ඊට පස්සේ නිතරම ආවා…”

ඈ සිනහවක් පෑවාය.

“එයා හොඳයිද…?”

මම ඇසීමි.

“ඔව්… හුඟාක් හොඳයි… ඒත්… එයා මැරි කරලා… ළමයි දෙන්නෙක් ඉන්නවා… වයිෆ් කැන්සර් එකකින් නැතිවෙලා… ළමයි මෙහේ නෙවේ ඉන්නේ ඉන්ග්ලන්ඩ් වල… එයා මාස තුන හතරකට සැරයක් එහේ යනවා…”

ඔහු විවාහකයෙකු බව ඇසූ මම තවත් පුදුම වූයෙමි.

“සංජු හරිම හොඳ කෙනෙක්… ඒ වගේම තනිවුණ මිනිහෙක්… දවසක ඔයාට එයාව මුණ ගැහෙයි… එයාලා බිස්නස් කරන්නේ… සල්ලිකාරයෙක්… මේ අපාර්ට්මන්ට් එක එයාගේ… රෙන්ට් එකක් යන්නේ නැහැ… ඉතින් ඕක තමා කතාව අරවින්දි… ඔයා මං ගැන මොනවා හිතනවද මං දන්නැහැ…”

අවසානයේ ඈ කීවාය.

“මම මොනවා හිතන්නද නිරූ…? ඔයා හොඳින් සතුටින් නම්… ඊට වඩා දෙයක් ඕන නැහැ…”

ඈ දිගු හුස්මක් ඇද්දාය.

“ජීවිතේ ලේසි වුණේ නැහැ අරවින්දි… මම ජීවිතේ වරද්ද ගත්තද නැතිනම් මේකද නියම ජීවිතේ කියන්න මම දන්නෙ නැහැ… ඒත් මං හොඳින් ඉන්නවා… සංජු එක්ක අෆෙයාර් එකක් ඇතිකරගත්තා කියලා මං දුක්වෙන්නේ නැහැ… එයා මාව හොඳින් බලා ගන්නවා… මං එයාට ළංවුණා නෙවේ… එයා මාව හොයන් ආවා… මං ආදරේ කළේ ඒ මනුස්සයාට… නැතිව එයාගේ වත් පොහොසත්කම් වලට නෙවේ…”

“ගෙදර අය…?”

“අම්මලා මේවා දැනගන්න එකක් නැහැ… අනික දැනගත්තත් මට කමක් නැහැ… මං එයාලට හැමදේම කරලා තියෙන්නේ… තාම මං කරනවා… මටත් කියලා ජීවිතයක් තියෙන්න ඕන අරවින්දි… හැමදාම අපිට අනික් අයව සතුටු කරන්න බැහැනේ…”

ඈ කියන්නේ ඇත්තය. අන් අය සතුටු කරන්නට ගොස් අපේ සතුට අපේ ජිවිත වලින් ගිළිහී යන්නට ඉඩ ඇත.

“ඔයා කරනදේ හරි කියලා ඔයා දන්නවා නම් අනික් අය අදාළම නැහැනේ…”

ඇගේ අතක් අල්ලාගනිමින් මම කීවෙමි.
————————————————————————————————————————————
නිර්මාණි නවාතැනේ නොමැති විට මට දැනුණේ අලස බවකි. කිසිවක් නොකර නිකරුණේ ගෙවා දමන කාලය අපරාධයක් කියා මට සිතුණද නිර්මාණි නිතරම මා සිතේ ඇති කළේ බලාපොරොත්තුවකි.

“ඉවසන් ඉන්න… වෙලාවට ලැබෙයි…”

ඈ බොහෝ වර මට කීවාය. කේෂවට කුමක් සිදුවූවාදැයි දැනගැනීමට මම පාලිත මාමාට ඇමතුක් ගත්තේ නිර්මාණිගේ දුරකථනයෙනි.

“කොහොමද ළමයෝ…? මං මේ නොම්බරේ හොයාගන්න බැරිව හිටියේ… ඒකයි කෝල් නොකළේ…”

මගේ හඬ හඳුනාගත් සැනින් ඔහු කීවේ සැහැල්ලු විලාසයකිනි. සියල්ල හොඳින් යැයි කියා මට සිතුණේ ඒ නිසාය.

“මාමලා හොඳින් නේද… මොකුත් ප්‍රශ්නයක් නැහැනේ…?”

“ආහ්… නැහැ නැහැ ළමයෝ… කිසි ප්‍රශ්නයක් නැහැ… පොලීසියට යන්න වුණා කට උත්තරයක් දෙන්න නම්… අර ජින්පාල මුදලාලිගේ පුතාට කවුද ගහලා… ඒකට… දැන් ඕවා වැඩක් නැහැ…”

ඔහු අසල කිසිවෙකු සිටිනු ඇතැයි කියා මට වැටහිණි.

“අනේ… මාමේ…. ඒ මොකද… දැන් මොකද එයාට…?”

මවාගත් මවිතයකින් මම ඇසීමි.

“තාම කොළඹ මහ ඉස්පිරිතාලෙලු… කතා බතා නැතිලු… මහා උන් උදේ හවා යනවා එනවා…”

“එයා පොලීසියට මොකුත් කියලා නැත්ද මාමේ…?”

තවමත් පහව නොගිය බියකින් මම ඇසීමි.

“මොනවා කියන්නද ළමයෝ… ඌ දන්නෙත් නැතිලු වෙච්චදේ… තාම කතා කරන්නත් බැහැ කියලා පියසේන කිව්වේ…”

“පියසේන මාම ගිහින්ද බලන්න…?”

“ම්ම්ම්… මහ ජෝඩුව එක්ක ගිහින්…”

“පොලීසියෙන් මොනවද මාමේ ඇහුවේ…?”

“ජිනපාලයා මට විරුද්ධව පැමිණිලි කරලා… මං කිව්වා ඔය කියන දවසේ මම ගමේ හිටියෙත් නැහැ මං එනකොට හවස් වෙලා කියලා…”

“ඉතින්…?”

“ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ… දුව බය නැතුව ඉන්න… මෙහෙ මොකුත් ප්‍රශ්නයක් නැහැ…”

ඔහු මා සිත සැනසීමට මෙන් කීවද මා සිතෙහි වූයේ අනියත බියකි. සඳලුතලයට වී මා ඈත මුහුද දෙස බලාන කල්පනා කරමින් සිටින විට නිර්මාණි එහි පිවිසුණාය.

“මොකෝ මේ අහස දිහා බලන් භාවනා කරනවද….?”

ඇගේ හඬේ වූයේ උපහාසය මුසු බවකි.

“භාවනා කරන්නත් හිතේ එකලාසයක් තියෙන්න එපැයි නිරූ…”

“ඔව්… ඔව්… උඹ මෙතන ඉඳන් භාවනා කරන්නත් එපා… සෝවාන් වුණොත් එහෙම මට ගෙදර මිනිස්සුන්ට වග උත්තර බඳින්න වෙයි…”

ඈ සැහැල්ලුවෙන් සිනහාසුණද මා සිටියේ අනියත බියකිනි.

“උඹට හිනා… මං මේ බයේ ඉන්නේ…”

“ඇයි මොකද කේස් එක…?”

මම පාලිත මාමා පැවසූ දෑ ඇයත් සමඟ පැවසුවෙමි.

“ඔයා බය නොවී ඉන්න… ඌ කොහොමද කටක් ඇරලා කම්ප්ලේන් කරන්නේ…? එහෙම වුණොත් මිනිහා තවත් අමාරුවේ වැටෙනවා…”

“මට බය ගෙදර අයට කරදරයක් කරයිද කියලා…”

“එහෙම වෙන්නේ නැහැ… ජොබ් එකක් හම්බුණ ගමන් අම්මාව වැඩට යන එක නවත්තන්න…”

මම එය කොහොමත් කරන්නට අදිටන් කරගෙන සිටියෙමි.

“ඔයා බය වෙන්න එපා… පාලිත මාමා ගෙවල් පැත්ත බලාගනියි…”

ඈ මා සිත සනසවමින් කීවාය.

– හෙටත් හමුවෙමු-

Latest news

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...
- Advertisement -spot_img

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you