Featuresබොලිවුඩයේ යුගයක නිමාව

බොලිවුඩයේ යුගයක නිමාව

-

spot_img

බොලිවුඩයේ යුගයක නිමාව – Dharmendra

ඉන්දියානු සිනමාවේ පුරාවෘතයක් වූ රසිකයින් බොලිවුඩයේ He-Man යන ආදරණීය ඇමතුමෙන් හැඳින්වූ රංගන ශිල්පී ධර්මේන්ද්‍ර පසුගිය නොවැම්බර් 24 වැනිදා මෙලොවින් සමුගත්තා. මිය යන විට ඔහුට වයස අවුරුදු 89ක්. ඔහු අසීමිත ප්‍රේක්ෂක ආදරයකට හිමිකම් කියු තාරකාවක්. 

Dharmendra

1935 අවුරුද්දෙ දෙසැම්බර් 8 වැනිදා ඔහු උපත ලබන්නෙ පන්ජාබ්වල සහ්නේවාල් කියන ගමේ ගොවි පවුලක. කුඩා වියේ ඔහු ගතකළේ මහන්සි වෙලා වැඩ කරන්න පුරුදුවුණ සරල ජීවිතයක්. චිත්‍රපටි ගැන පිස්සුවක් තිබුණ ධර්මේන්ද්‍ර නගරයේ පෙන්වන චිත්‍රපටි බලන්න ගියේ ගොඩක් දුර පයින් ඇවිදගෙන. ගොවි ජීවිතයෙන් බොහෝ ඈතක තිබුණ සිනමාවට ඔහු තුළ වූ ආකර්ෂණය සිනමා තරුවක් වීමේ ගමනට අඩිතාලම දැමුවා. අවුරුදු 19 දි ඔහු ප්‍රකාශ් කෞර් සමග විවාහ වෙනවා. Sunny, Bobby, Ajeeta සහ Vijeta මේ දෙදෙනාගේ දරුවන්.

Dharmendraධර්මේන්ද්‍ර සිනමාවට පිවිසෙන්නෙ 1958 අවුරුද්දෙ දී Filmfare talent contest කියන තරඟාවලියෙන් ජය ලැබීමෙන් පස්සෙ. ඒ තමයි ඔහුගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. 1960 අවුරුද්දෙ තිරගත වුණ Dil Bhi Tera Hum Bhi Tere චිත්‍රපටයෙන් ඔහු ප්‍රේක්ෂකයන් හමුවට එනවා. පළමු රඟපෑමෙන්ම නළුවෙක් විදිහට තමන්ට දුර ගමනක් යන්න පුළුවන් කියන කාරණාව ඔහු ඔප්පු කරනවා.

Anpadh (1962) Bandini (1963) චිත්‍රපටවල රඟපෑවට පස්සෙ 60 – 70 දශකය තුළ ධර්මේන්ද්‍ර බොලිවුඩයට නැතිවම බැරි රංගන ශිල්පියෙක් වුණා. Anupama, Chupke Chupke, Satyakam වගේ චිත්‍රපටවල romantic hero වුණේ ඔහු. ඔහුගේ රංගනයට විචාරක පැසසුම් ලැබුණා. ආදරවන්තයා පමණක් නොව ඒ අවධියේ බොලිවුඩයේ action hero වුණෙත් ඔහු. ඔහුගේ ක්‍රීයාශීලි බව, personality එකට ප්‍රේක්ෂකයන් දැඩි සේ ආකර්ෂණය වුණා. Phool Aur Patthar (1966) වගේ චිත්‍රපටිවලින් පස්සෙ රසිකයින් ඔහුව බොලිවුඩ්වල He – man නමින් හැඳින්වුවා. Dharmendra
ධර්මේන්ද්‍ර ගැන කතා කරනකොට ඉන්දියාවේ නිමැවූ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටයක් ලෙසින් සැලකෙන Sholay (1975) චිත්‍රපටය ගැන කත නොකර බැහැ. වීරුගේ චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂක සිත්වල සදාකාලයටම ලැගුම් ගත්තා. බොලිවුඩයේ සුන්දරම දෙයක් වුණ ධර්මේන්ද්‍ර – අමිතාබ් බච්චන් හවුල ඇරඹුණේත් එතැනින්.
Dharmendra
ඔහුට රංගන ශිල්පිනී හේමා මාලිනී හමුවෙන්නෙත් ඒ අවධියේ. ඇය ඔහුගේ සිනමාවේ පෙම්වතිය. සිනමාවෙන් මුණගැහුන ඔවුන් සැබෑ ලෝකයේද පෙම්වතුන් වුණා. ඔවුන් බොලිවුඩයේ ජනප්‍රියම පෙම් යුවළක් ලෙසින් හැඳින්වෙනවා. වසර දහයක පමණ ආදර කතාවකින් පස්සෙ 1980 වසරෙ ඔවුන් විවාහ වුණා. Esha Deol සහ Ahana Deol ඔවුන්ගේ දියණියන්. ඔහු සිය දරුවන් සය දෙනාට ආදරණීය පියෙක් වූවා. ඔහුගේ පළමු බිරිඳ ප්‍රකාශ් වරෙක පැවසූවේ ඔහු දරුවන්ට හොඳ පියෙක් වූ බවයි. ඩියෝල් දරුවන් කිහිප දෙනෙක් පියා සේම සිනමාවට අවතීර්ණ වුණා.
දශක ගණනාවක සිනමා ජීවිතය තුළ මේ විශිෂ්ට රංගන ශිල්පියා ලැබූ රසික ආදරය, ගෞරව සම්මාන බොහොමයි. ඔහු හැඳින්වෙන්නේ සිය තරු ගුණය අමතක කෙරූ නිහතමානී තාරකාවක් ලෙසින්. ප්‍රේමය, කඳුළ, සිනහව, වීරත්වය ප්‍රේක්ෂක සිත්හි සනිටුහන් කළ සිනමා පුරාවෘත්තයක නික්මයාම බොලිවුඩ් සිනමාවේ යුගයක අවසානය සනිටුහන් කරනවා.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you