More
    Artබැඳීම් මුදල්වලට වඩා හරි ඉහළයි

    බැඳීම් මුදල්වලට වඩා හරි ඉහළයි

    -

    spot_img

    බැඳීම් මුදල්වලට වඩා හරි ඉහළයි 3BHK

    පවුල කියන්නෙ සමාජයේ කුඩාම ඒකකය. පිටත සමාජයට නිරාවරණය වීමට කලින් කෙනෙකුගේ ජීවන දැක්ම, පෞරුෂය තීරණය කරන ප්‍රධානම සාධකය එයයි. අපි සතු බොහෝ දේත් ඒ දේවල් ගොඩනගා ගැනීමට දායක වෙන්නේත් පවුලයි. පවුල ඇතුලෙ අපි කුඩා කණ්ඩායමක් විදිහට උත්සාහයෙන්, කැපකිරීම් කරමින්, ආදරය බෙදා හදාගනිමින් එක්ව අරමුණු කරා ගමන් කරනවා. ඒ ගමනෙදි බාධා, අභියෝග, බලාපොරොත්තු සුන්වීම් අනන්තවත් මුණගැහෙන්න පුළුවන්. 

    3BHK

    මධ්‍යම පාන්තික පවුලකට තියෙන අනේකවිධ හීන අතරෙන් ප්‍රධානම එකක් තමයි නිවසක් කියන්නෙ. නමුත් ජීවන අරගලය, ආර්ථික ගැටළු, අධ්‍යාපනය ලබන ළමුන්ගේ වියහියදම් වගේ දේවල් එක්ක සැබැවින්ම මේක හැබෑ කර ගන්න අසීරු හීනයක්. සමහරවිට ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරන්න සිද්ධවෙනවා. ගොඩක් පවුල්වල ඇත්ත කතාව එයයි.
    මේ කතාවත් එවැනිම පවුලක් ගැන. වාසුදේවන් ඔහුගෙ බිරිඳ සහ දරුවන් දෙදෙනා එක්ක ජීවත්වුණේ කුලී නිවසක. තැනින් තැන නිවාසවලට මාරුවෙමින් ජීවත්වීම ඔවුන්ගෙ ජීවිතයේ පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. පවුලෙ හැමෝගෙම හීනය වුණේ තමන්ගෙම කියලා නිවසක ජීවත්වෙන එක. නමුත් ආර්ථික ගැටළු එක්ක ඒක හීනයක්ම වෙමින් තිබුණා. වාසුදේවන් බොහොම අරපරිස්සමින් මුදල් ඉතුරු කරගත්තා. බිරිඳ ශාන්ති කෑම හදලා විකුණුවා. පුතා සහ දුවත් ඉගෙන ගන්න අතරෙම පවුල වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේවල් කරා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු, විභාග යනාදිය වෙනුවෙන් ලොකු මුදලක් වැය වුණා. පවුලක් ඇතුළෙ කරන්න සිද්ධවෙන යුතුකම් සහ වගකීම් බොහොමයි. කාලය ගෙවුණෙ දරුවො ලොකු මහත් වෙමින්, දෙමාපියන් වියපත් වෙමින්. ඒත් මොනතරම් උත්සාහ කළත් ගෙයක් ගැන ඔවුන්ගෙ හීනයට විවිධ බාධා ඇතිවුණා. ඒ තමයි මධ්‍යම පාන්තික ජීවිත අරගලයේ ස්වභාවය.

    3BHK

    පවුලක් විදිහට මුහුණදෙන්න සිද්ධවෙන අභියෝග බොහොමයි. සමහරවිට අපි කාලයක් තිස්සෙ බොහොම දුක් මහන්සියෙන් ඉතිරි කෙරුව මිල මුදල් එක් ක්ෂණයකින් නැති වෙලා යන්න පුළුවන්. බලාපොරොත්තු නොවූ සිදුවීම්, ලෙඩ රෝග වගේ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා වෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් පවුලක සාමාජිකයො කියන්නෙ එකම හද ගැස්මක් තියෙන, එකම හදවතකින් හුස්ම ගන්න පිරිසකට. අපි ජීවත්වෙන්නෙ මොනතරම් ආර්ථික ගැටළු එක්ක වුණත් සමහරවෙලාවට ආදරණීය බැඳීම් ඇතුළෙ මුදල්වලට කරන්න පුළුවන් දෙයක් නැහැ, බැඳීම් මුදල්වලට වඩා හරි ඉහළයි. දෙමව්පියන්ගෙ, දරුවන්ගෙ හදවත්වල එකිනෙකා කෙරෙහි තියෙන ආදරේ කවමදාවත් මිල කරන්න බැහැ.

    3BHK

    එකමුතුකමෙන්, සහයෝගයෙන්, ඉවසිය යුතු තැන්වල ඉවසා දරා ගනිමින්, කැප කිරීම් කරන්න ඕනෙ තැන්වල ආදරණීයයන් වෙනුවෙන් අසීමිතව කැප කිරීම් කරමින් පවුලක් විදිහට ජීවත් වුණාම හීන කියන්නෙ මහ ලොකු දේවල් නෙමේ. ආදරේට පුළුවන් හීන හැබෑ කරන්න. මෙලොව අපි සතු වටිනාම සම්පත තමයි අපේ ආදරණීයයන්. අපිට වැඩිපුරම ආදරේ කරන්නෙත්, අපි ගැන වදවෙන්නෙත්, කැප කිරීම් කරන්නෙත් ඔවුන් විසින්. දෙමාපිය දූ දරු බැඳීම තරම් ආදරණීයම ලස්සන බැඳීමක් මේ ලෝකෙ වෙන නැහැ.

    3BHK

    නිවසක් ගැන සිහින මවන ආදරණීය පවුලක් වටා ගෙතුණ මේ දමිළ චිත්‍රපටයෙ නම 3BHK. අධ්‍යක්ෂණය Sri Ganesh විසින්. R.Sarathkumar, Devayani, Siddhart, Meetha Raghunath ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 3BHK පවුලේ සැවොම රසවිඳිය යුතු අපූරු කතාවක්.

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page