More
    Artප්‍රභාකරන් උපන් ගමේ ධර්මදාස්ගේ කතාව

    ප්‍රභාකරන් උපන් ගමේ ධර්මදාස්ගේ කතාව

    -

    spot_img

    ප්‍රභාකරන් උපන් ගමේ ධර්මදාස්ගේ කතාව – Tourist Family

    ගෙදරක මූලිකයා විදිහට තාත්තෙක්ට මහ විශාල වගකීම් ගොඩක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ගෙ පවුලෙ සතුට රැකවරණය, අනාගතය වෙනුවෙන් අසීමිත කැප කිරීමක් සිද්ධ කරන්න වෙනව. සමහර තාත්තලා තමන්ගෙ ජීවිතේ පවා පරදුවට තියලා සිය පවුල වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කරනවා. පවුලක් විදිහට සැනසිල්ලෙ ඉන්න ආර්ථික වශයෙන් පොඩිම හරි ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන තියෙන්නම ඕනෙ. හැම තාත්ත කෙනෙක්ගෙම බලාපොරොත්තුව දරුවන්ට යහපත් අනාගතයක් උදා කරලා දෙන එක. ඒත් ඒක හිතන තරම් ලේසි නැහැ. එදිනෙදා වියදම් පිරිමහගන්න බැරි තරමට බඩුමිල අහස උසට ගියාම, වියදමට සරිලන ආදායමක් නැති වුණාම, මිනිස්සු තමන් උපන් රටේම සරණාගතයො බවට පත්වෙනව. එතකොට තමයි හිතෙන්නෙ ජීවිතේ පරදුවට තියලා බෝට්ටුවෙන් හරි වෙන රටකට යන්න. 

    Tourist Family

    මහ ජාතිය ගැන උදම් අනමින්, වෛරය පතුරුවන රටක ජීවත්වෙන සුළු ජාතීන්ට තමන් ලෝකෙ වෙන තැනකට අයිතියි කියලා හිතෙන එක ස්වභාවිකයි. ඈතකට පලා යන්න ඔවුන්ට දැනෙන ආශාවත් සාමාන්‍යයි. අපි කවුරුත් හොයන්නෙ අපේම තැනක්. අපි අයිති තැන බව දැනෙන පිටස්තර නොවෙන තැනක්. ආගම, කතා කරන භාෂාව, ඇඳුම් පැළඳුම් නිසා අනෙකට කෙනෙහෙළිකම් කරන තැනක සැනසිල්ලෙ ඉන්න පුළුවන්ද? ධර්මදාස්, ඔහුගෙ බිරිඳ වසන්ති සහ පුතාලා දෙන්නා ජීවත්වුණේ ශ්‍රී ලංකාවෙ වල්වෙට්ටිතුරෙයි කියන ගමේ. ඒ කියන්නෙ වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් ගම්මානයේ. වියහියදම් වගේ ගොඩක් කාරණා නිසා තවදුරටත් ලංකාවේ ඉන්න බැහැ කියලා තීරණය කෙරුව ධර්මදාස් හැමෝගෙම යහපත උදෙසා පවුල පිටින්ම හොර පාරෙන් තමිල්නාඩුවට යන්න තීරණය කරා.

    Tourist Family

    “අපි දැන් කතා කරන දෙමළ මොකක්ද කියන එකද ප්‍රශ්නෙ? නැත්තම් දෙමළ කතා කරන එකද ප්‍රශ්නෙ?”

    මහ විනාශවලට හේතුව අදහස් ප්‍රකාශ කරන්න ගන්න භාෂාව, අදහන ආගම වගේ කාරණා. අලුත් තැනක ජීවිතය පටන් ගන්න එක ඔවුන් හිතුව තරම් ලේසි වුණේ නැහැ. අලුතෙන්ම පැළ වෙන්න, අලුතින්ම හැම දෙයක්ම පටන් ගන්න සිද්ධ වුණා. පළාතේ ඉන්ස්පෙක්ටර් මහත්තයගෙ නිවසෙ කොටසක පදිංචි වුණ ඔවුන් තමන් ලංකාවෙන් ආව අය බව සඟවා කේරළෙන් පැමිණි බව පැවසුවා. එකම භාෂාව වුණත් කතා කරන රටාව, වචන වගේ දේවල් අනුව බෙදෙන නිසා ශ්‍රී ලංකා දෙමළ සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වග ඔවුන් හරි ඉක්මන්ට තේරුම් ගත්තා.

    Tourist Family

    නමුත් හොඳ හදවතක් තියෙන අවංක මිනිස්සු බොරු කරන්න, කියන්න හරිම අදක්ෂයි. ධර්මදාස් සහ ඔහුගෙ පවුලෙ අයත් ඒ වගේ හිත හොඳ උදවිය. ඔවුන් ටිකෙන් ටික අලුත් ජීවිතේට හුරු වුණා. අසල්වැසියො එක්ක මිතුරු වුණා. එවැනි හිත හොඳ මිනිස්සුන්ට ඕනෙම කෙනෙක් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔබ ආවෙ කොහෙන්ද, කතාකරන භාෂාව මොකක්ද කියන එක ඔබව දන්න කියන අයට ප්‍රශ්නයක් නොවුනත් ඒක රජයට නැත්තම් පොලිසියට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යුධ ගැටුම් තිබුණ රටක ඉඳලා ඉන්දියාවට ආව ධර්මදාස්ලා හිටියෙ අනතුරක් අත ළඟ.

    රතුපාට ලේ ඇඟේ දුවන මිනිස්සු විදිහට අපිට අනිත් කෙනාගෙ දුක, වේදනාව, සතුට තේරුම් ගන්න භාෂාවෙ වචන ඕනේ නැහැ. හැඟීම් වැටහෙන්නෙ හදවතට. මිනිස්සු විදිහට අපි කාටත් ඕනෙ සැහැල්ලුවෙන් සැනසිල්ලෙන් ඉන්න. කරුණාව පිරුණු, හොඳ හදවතක් තියෙන මිනිස්සු හරි අඩුයි. එහෙම කෙනෙක්ට වරද්දන්න කාටවත් බැහැ. සොබාදහම, දෙවියන් මෙන්ම මිනිස්කම හඳුනන මිනිසුන් හැමදාමත් මනුස්සකමට හිස නමා ආචාර කරනවා. හදවතින්ම පිහිට වෙනවා.

    Tourist Family

    ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට පලායන දමිළ පවුලක් වටා ගෙතුණු Tourist Family (2025) චිත්‍රපටය Abishan Jeevinth ගේ අධ්‍යක්ෂණයක්. M.Sasikumar, Simran, Mithun Jai Sankar, Kamalesh, Yogi Babu ඇතුළු රංගන ශිල්පිනීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Latest news

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 44

    රත් දෝතළු - 44 මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත්...

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා - Ahmadinejad ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page