Artජීවිතය වික්‍රමාන්විත ගමනක්. ඔබ එකතැන නතරවිය යුතු නෑ. UP

ජීවිතය වික්‍රමාන්විත ගමනක්. ඔබ එකතැන නතරවිය යුතු නෑ. UP

-

spot_img

කම්මැලි හිතුන වෙලාවක බලන්න ගත්තු Up(2009) movie එක පාඩම් ගොඩක් කියා දුන් ආදරය පිරුණු, වික්‍රමාන්විත කතාවක්. හරිම cute වැඩක්.

Ellie කියන්නෙ හීන ගොඩක් තිබුන, පුංචි කෙල්ලෙක්. ඇයට Carl මුණගැහෙන්නෙ පුංචි කාලෙදීමයි. Ellie ට තිබුනා Adventure Book එකක්. ඇය ඇගේ හීන එහි ලියා තිබුනා. ඇය ආශා කළා Paradise දිය ඇල්ල ළඟට යන්න. කවදහරි.

කාලය ගතවුනා.Carl සහ Ellie විවාහ වුනා. එක්ව ජීවිතය බෙදාගනිමින් දින ගතවුනා.ඔවුන් අතරට එන්න සිටි පුංචි අමුත්තාගේ සමුගැනීම මේ දෙදෙනාට දරාගැනීමට අසීරු දුකක් ගෙනාවා.

ඉන්පසුව දෙදෙනා එක්ව Paradise ඇල්ල වෙත යන්න අවශ්‍ය මුදල් එකතු කළා..

නමුත්, ජීවිතය හැමවිටම අපිට කාරුණික වෙන්නේ නැහැ. හිටිහැටියේම ඇතිවූ ප්‍රශ්න නිසා ඉතිරි කරගත් මුදල් වියදම් කරන්න සිදුවුනා මේ දෙන්නටත්.

තවත් වසර ගණනාවක් ගතවුනා.ආදරයේ අඩුවක් නැතිවම. ඇයව පුදුම කරන්නට සිතූ ඔහු සංචාරය සැලසුම් කරන්න තීරණය කළා. නමුත් ඔහු ප්‍රමාද වැඩියි.

එදිනම ඇය මියයනවා. ඔහු තනිවෙනවා.

තම සෙවනැල්ල මෙන් වූ ඇය නැතිකමෙන් ඔහුට දරාගත නොහැකි දුකක් දැනෙන්න ඇති. අවුරුදු හැත්තෑ ගණන්වල පසුවූ Carl ඉක්මනින් කේන්ති යන, මුරණ්ඩු පුද්ගලයෙක් බවට පත් වී තිබුනා.

ඇයගේ හීනය, Paradise වෙත යන්නට ඔහු තීරණය කරනවා. ගුවන් යානයක නම් නෙමේ. පාට පාට බැලුන් ගොඩක බලයෙන් උඩට යන තමන්ගෙම නිවසෙන්.

ඔහුගේ සහ ඇගේ නිවස. ඔවුන් දෙදෙනා එක්ව තැනූ, ඔවුන්ගේ බඩු භාණ්ඩ, ආදරණීය මතක, එක්ව බෙදාගත් හැමදේම ඇති නිවසත් සමගින් ඉහළට යන්නට මේ මිනිසා තීරණය කරනවා.

ඉතිං, ඔහුට පුලුවන් වෙයිද ඇගේ හීනය වෙත ළඟාවෙන්නට?

කතාවෙ ඉදිරිය වියපත් Carl ගේ ඒ අපූරු චාරිකාව ගැන.අහම්බෙන් ඔහුට එකතුවෙනවා Russell නැමති පුංචි කොල්ලෙක් සහ තවත් ආදරණීය මිතුරන් දෙන්නෙක්.

ප්‍රේමය මොන තරම් සුන්දර ද? නමුත්, හැම බැඳීමකම වෙන්වීමකුත් තිබෙනවා. ඉන්පසුව ඒ සොඳුරු මතක හිතට බරක් එකතු කරන්නත් පුළුවන්.

ජීවිතය කියන්නෙ විඳින්න ඕනෙ දෙයක්.මතක ගොඩක් සමගින් විඳවිය යුතු දෙයක් නෙමේ.

“Thanks for the adventure – Now go have a new one.” ඒ ඉල්ලීම Ellie ගෙන්.

ජීවිතය වික්‍රමාන්විත ගමනක්. ඔබ එකතැන නතරවිය යුතු නෑ.

Up!

ඉහළට යන්න, සැහැල්ලු වෙන්න නං ඔබ, ඔබ වටා ඇති තවදුරටත් අනවශ්‍ය දේවල්වලින්, සිතිවිලි වලින්, බැඳීම්වලින් ඈත්විය යුතුවග මේ කතාව කියාදෙනවා. ඔබ තනිවිය යුතු නැහැ.හිනැහෙන්නට,ආදරය බෙදාදෙන්නට මේ ලෝකයට ඔබව අවශ්‍යයි.

 

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you