More
    NewsVolodymyr Zelenskyy පුටින් සැරසෙන්නේ තුන්වන ලෝක යුද්ධයට

    Volodymyr Zelenskyy පුටින් සැරසෙන්නේ තුන්වන ලෝක යුද්ධයට

    -

    spot_img

    Volodymyr Zelenskyy – යුක්‍රේන -රුසියා යුද්ධය හේතුවෙන් ලෝක සාමය අනතුරේ පවතින බවත්, රුසියානු ජනාධිපති Vladimir Putin ගේ මේ ක්‍රියා කලාපයන් තෙවන ලෝක යුද්ධයකට හේතුවිය හැකි බවත් CBC පුවත් සේවයේ මාධ්‍යවේදී Scott Pelley සමඟ සාකච්ජාවකට එක් වෙමින් යුක්‍රේන ජනපති Volodymyr Zelenskyy පවසයි. “යුක්‍රේනය වැටුණොත්, තව අවුරුදු දහයකින් මොකද වෙන්නේ? පොඩ්ඩක් හිතන්න. රුසියානුවන් පෝලන්තයට ගියොත්, ඊළඟට මොනා වෙයිද? තුන්වන ලෝක යුද්ධයක්ද?” ඊයේ [17 වෙනි ඉරිදා] විකාශය වූ මිනිත්තු 60 ක සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පවසා තිබිණි. “අපි මුළු ලෝකයේම වටිනාකම් ආරක්ෂා කරනවා. අපි ඇත්තටම අපේ නිදහස වෙනුවෙන් සටන් කරනවා, අපි මැරෙනවා. අපි ප්‍රබන්ධයක් නෙවෙයි, අපි පොතක් නෙවෙයි. අපි සටන් කරනවා. ඇත්ත වශයෙන්ම එය සිදු කරන්නේ ලෝකය විනාශ කිරීමට තර්ජනය කරන න්‍යෂ්ටික රාජ්‍යයක් සමඟ.” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටි.

    Volodymyr Zelenskyy

    ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේනයට ලබාදුන් බව කියන ඩොලර් බිලියන 70 ක මුල්‍ය ආධාර පිළිබඳව විමසු මාධ්‍යවේදියාට සෙලෙන්ස්කිගේ පිළිතුර වී ඇත්තේ “ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට මූල්‍යමය වශයෙන් සහාය දැක්වීම සම්බන්ධව මම කෘතඥ වෙනවා, මම හිතන්නේ ඔවුන් සහාය දක්වන්නේ යුක්‍රේනයට පමණක් නෙවෙයි. යුක්‍රේනය වැටුණොත්, පුටින් නිසැකවම ඉදිරියට යනවා. පුටින් බෝල්ටික් ප්‍රන්තවලට ළඟා වූ විට ඇමරිකා එක්සත් ජනපදය කුමක් කරයිද? ඔහු පෝලන්ත දේශ සීමාවට ළඟා වූ විට? ඔහු එය කරනවා. මෙය විශාල මුදලක්, නමුත් අප සිටින්නේ මේ යුද්ධයෙන් මිය යමින්” යන්නයි. න්‍යෂ්ටික යුද්ධයක තර්ජන පිළිබඳ මාධ්‍යවේදියා කළ විමසීමට පිළිතුරු දුන් සෙලෙන්ස්කි “ඔහු දිගටම තර්ජනය කරමින් සිටියි. පුටින් බලා සිටින්නේ එක්සත් ජනපදයේ ස්ථාවරත්වය අඩු වන තෙක්. ඔහු සිතන්නේ එක්සත් ජනපද මැතිවරණයේදී එය සිදුවනු ඇති බවයි. ඔහු යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අස්ථාවරත්වය සොයමින් ඉන්නවා. ඔහු ඉන්ධන සඳහා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවධානම භාවිතා කරන බව නිසැකයි ” එළඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය වටා ඇති අවිනිශ්චිතතාවය තමා ගැන සැළකිලිමත් වන බවත් තමාට ප්‍රමාණවත් තරම් හමුදා සහයක් ලැබී නැතත් ජනපති Joe Biden ගේ සහයෝගයට ඔහු කෘතඥ වන බවත් පැවසිය.

    Volodymyr Zelenskyy

     

    යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර මන්දගාමී බව තමන් පිළිගන්නා නමුත් බොහෝ දුරට සැලසුමක් සහිතව යුක්‍රේන හමුදා ඉදිරියට යන බවත් සැතපුම් 700 ක ඉදිරිපෙළ කාලතුවක්කු ද්වන්ධ සටනක් බවට පත්ව ඇති අතර රුසියානුවන් සහ යුක්‍රෙනියානුවන් දිනකට ෂෙල් වෙඩි 40,000 ක් පමණ හුවමාරු කරගන්නා බවත් සෙලෙන්ස්කි පවසයි. “මම ඔබට සම්පූර්ණයෙන්ම අවංක වුණොත් එය දුෂ්කර තත්වයක්. අපි රුසියාවට ප්‍රහාර කිරීම නවත්වා ප්‍රති-ප්‍රහාරයකට ගියා. එසේ වුවද, එය ඉතා වේගවත් නෑ. අපිට සෑම දිනකම ඉදිරියට යමින් භූමිය මුදා ගැනීම වැදගත්. එය සැතපුම් භාගයකට හෝ යාර සියයකට වඩා අඩු වුවද, අපි එය කළ යුතුයි. අපි පුටින්ට විවේකයක් නොදිය යුතුයි. අපි ඔහුට පෙන්විය යුතුයි ‘ඔබේ අහස ඔබ සිතන තරම් හොඳින් ආරක්ෂා වී නැති’ බව” යනුවෙන් ඔහු එය විස්තර කරයි. යුක්‍රේන ජනාධිපතිවරයා මේ සතියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට මෙන්ම ධවල මන්දිරය සහ කොන්ග්‍රස හමුවකට ඇමරිකා
    එක්සත් ජනපදයට යාමට නියමිතය.

    -Scott Pelley විසින් CBS News සඳහා කළ සාකච්ජාවක් ඇසුරෙනි-

    Photo Credit: www.radiofreeeurope.com / www.globaltime.com / www.thenewyorktimes.com

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page