More
    NewsVolodymyr Zelenskyy පුටින් සැරසෙන්නේ තුන්වන ලෝක යුද්ධයට

    Volodymyr Zelenskyy පුටින් සැරසෙන්නේ තුන්වන ලෝක යුද්ධයට

    -

    spot_img

    Volodymyr Zelenskyy – යුක්‍රේන -රුසියා යුද්ධය හේතුවෙන් ලෝක සාමය අනතුරේ පවතින බවත්, රුසියානු ජනාධිපති Vladimir Putin ගේ මේ ක්‍රියා කලාපයන් තෙවන ලෝක යුද්ධයකට හේතුවිය හැකි බවත් CBC පුවත් සේවයේ මාධ්‍යවේදී Scott Pelley සමඟ සාකච්ජාවකට එක් වෙමින් යුක්‍රේන ජනපති Volodymyr Zelenskyy පවසයි. “යුක්‍රේනය වැටුණොත්, තව අවුරුදු දහයකින් මොකද වෙන්නේ? පොඩ්ඩක් හිතන්න. රුසියානුවන් පෝලන්තයට ගියොත්, ඊළඟට මොනා වෙයිද? තුන්වන ලෝක යුද්ධයක්ද?” ඊයේ [17 වෙනි ඉරිදා] විකාශය වූ මිනිත්තු 60 ක සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පවසා තිබිණි. “අපි මුළු ලෝකයේම වටිනාකම් ආරක්ෂා කරනවා. අපි ඇත්තටම අපේ නිදහස වෙනුවෙන් සටන් කරනවා, අපි මැරෙනවා. අපි ප්‍රබන්ධයක් නෙවෙයි, අපි පොතක් නෙවෙයි. අපි සටන් කරනවා. ඇත්ත වශයෙන්ම එය සිදු කරන්නේ ලෝකය විනාශ කිරීමට තර්ජනය කරන න්‍යෂ්ටික රාජ්‍යයක් සමඟ.” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටි.

    Volodymyr Zelenskyy

    ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේනයට ලබාදුන් බව කියන ඩොලර් බිලියන 70 ක මුල්‍ය ආධාර පිළිබඳව විමසු මාධ්‍යවේදියාට සෙලෙන්ස්කිගේ පිළිතුර වී ඇත්තේ “ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට මූල්‍යමය වශයෙන් සහාය දැක්වීම සම්බන්ධව මම කෘතඥ වෙනවා, මම හිතන්නේ ඔවුන් සහාය දක්වන්නේ යුක්‍රේනයට පමණක් නෙවෙයි. යුක්‍රේනය වැටුණොත්, පුටින් නිසැකවම ඉදිරියට යනවා. පුටින් බෝල්ටික් ප්‍රන්තවලට ළඟා වූ විට ඇමරිකා එක්සත් ජනපදය කුමක් කරයිද? ඔහු පෝලන්ත දේශ සීමාවට ළඟා වූ විට? ඔහු එය කරනවා. මෙය විශාල මුදලක්, නමුත් අප සිටින්නේ මේ යුද්ධයෙන් මිය යමින්” යන්නයි. න්‍යෂ්ටික යුද්ධයක තර්ජන පිළිබඳ මාධ්‍යවේදියා කළ විමසීමට පිළිතුරු දුන් සෙලෙන්ස්කි “ඔහු දිගටම තර්ජනය කරමින් සිටියි. පුටින් බලා සිටින්නේ එක්සත් ජනපදයේ ස්ථාවරත්වය අඩු වන තෙක්. ඔහු සිතන්නේ එක්සත් ජනපද මැතිවරණයේදී එය සිදුවනු ඇති බවයි. ඔහු යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අස්ථාවරත්වය සොයමින් ඉන්නවා. ඔහු ඉන්ධන සඳහා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවධානම භාවිතා කරන බව නිසැකයි ” එළඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය වටා ඇති අවිනිශ්චිතතාවය තමා ගැන සැළකිලිමත් වන බවත් තමාට ප්‍රමාණවත් තරම් හමුදා සහයක් ලැබී නැතත් ජනපති Joe Biden ගේ සහයෝගයට ඔහු කෘතඥ වන බවත් පැවසිය.

    Volodymyr Zelenskyy

     

    යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර මන්දගාමී බව තමන් පිළිගන්නා නමුත් බොහෝ දුරට සැලසුමක් සහිතව යුක්‍රේන හමුදා ඉදිරියට යන බවත් සැතපුම් 700 ක ඉදිරිපෙළ කාලතුවක්කු ද්වන්ධ සටනක් බවට පත්ව ඇති අතර රුසියානුවන් සහ යුක්‍රෙනියානුවන් දිනකට ෂෙල් වෙඩි 40,000 ක් පමණ හුවමාරු කරගන්නා බවත් සෙලෙන්ස්කි පවසයි. “මම ඔබට සම්පූර්ණයෙන්ම අවංක වුණොත් එය දුෂ්කර තත්වයක්. අපි රුසියාවට ප්‍රහාර කිරීම නවත්වා ප්‍රති-ප්‍රහාරයකට ගියා. එසේ වුවද, එය ඉතා වේගවත් නෑ. අපිට සෑම දිනකම ඉදිරියට යමින් භූමිය මුදා ගැනීම වැදගත්. එය සැතපුම් භාගයකට හෝ යාර සියයකට වඩා අඩු වුවද, අපි එය කළ යුතුයි. අපි පුටින්ට විවේකයක් නොදිය යුතුයි. අපි ඔහුට පෙන්විය යුතුයි ‘ඔබේ අහස ඔබ සිතන තරම් හොඳින් ආරක්ෂා වී නැති’ බව” යනුවෙන් ඔහු එය විස්තර කරයි. යුක්‍රේන ජනාධිපතිවරයා මේ සතියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට මෙන්ම ධවල මන්දිරය සහ කොන්ග්‍රස හමුවකට ඇමරිකා
    එක්සත් ජනපදයට යාමට නියමිතය.

    -Scott Pelley විසින් CBS News සඳහා කළ සාකච්ජාවක් ඇසුරෙනි-

    Photo Credit: www.radiofreeeurope.com / www.globaltime.com / www.thenewyorktimes.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page