More
    ArtThe Little Prince ආදරේ දැනෙන්න හදවතට කන්දෙන්න

    The Little Prince ආදරේ දැනෙන්න හදවතට කන්දෙන්න

    -

    spot_img

    The Little Prince – පරිකල්පනය (Imagination) කියන්නෙ හරි ලස්සන දෙයක්. කුඩා ළමයි කියන්නෙ මහ පුදුමාකාර අන්දමේ විචිත්‍ර පරිකල්පනයක් තියෙන පිරිසක්. ඔවුන්ගෙ පරිකල්පනයට සීමා මායිම් නැහැ. ඒ දේවල් ඔවුන් තරම්ම ආදරණීයයි. ආකර්ෂණීයයි. සමහර වෙලාවට පුංචි ළමයි හිතනව ඇති වැඩිහිටියො කියන්නෙ මහ පුදුමාකාර ජීවින් කොටසක් කියලා. වැඩිහිටියන්ගෙ ලෝකෙ වැදගත්ම දේ වෙන්නෙ ඉලක්කම්. ආදායම්/ වියදම් / වැටුප්. ඉලක්කම් වලින් තමයි ඔවුන් හැමදේම මනින්නෙ. මිනිහෙක්ගෙ පවා හැමදෙයක්ම තීරණේ වෙන්නෙ වැටුප මත. ඉලක්කම් ඔවුන්ගෙ නිර්මාණාත්මක හැකියාව, සංවේදී කම මොට කරලා තියෙනවා.

    The Little Prince

     

    චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන දැක්ක කොල්ලෙක් වැඩිහිටියන්ගෙ බලපෑම එක්ක ගුවන් නියමුවෙක් බවට පත් වෙනවා. දවසක් ඔහු සහරා කාන්තාරෙ අතරමං වෙනව. මේ ගුවන් නියමුවට පුංචි කුමාරයෙක් මුණ ගැහෙනවා. ගිණිකඳු තුනක් සහ Baobab ශාකයක් තියෙන B 612 කියන ග්‍රහලෝකයෙන් ආව මේ පුංචි කුමාරයා ගුවන් නියමුව එක්ක තමන්ගෙ කතාව කියනවා.

    The Little Prince

    පුංචි කුමාරයාට අයත් රෝසමලක් තිබුණා. ඔහු ඒ රෝසමල ආදරෙන් රැකබලාගත්තා. එක දවසක් ඒ රෝසමල තනි කරලා ඔහු තමන්ගෙ අසල්වැසි ග්‍රහකයන් වෙත යන්න තීරණය කළා. ඔහුට ඕනෙ වුණා ඒවගෙ ජීවත්වෙන අය හමුවෙන්න. කුමාරයට රජතුමෙක්, උඩඟු මිනිසෙක්, බේබද්දෙක්, ව්‍යාපාරිකයෙක්, ලාම්පු දල්වන්නෙක්, භූගෝල විද්‍යාඥයෙක් යනාදී වැඩිහිටියො මුණ ගැහුණා. මේ වැඩිහිටියන්ගෙන් කුමාරයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අන්තිමේ ඔහු පෘථිවියට ආවා. පෘථිවියේ විවිධාකාරයේ මිනිස්සු හිටියා. කුමාරයාට මිතුරු හිවලෙක් මුණගැහුණා. රෝසමල් හමුවුණා.

    The Little Prince

     

    ‘ඔබ ලස්සනයි, ඒත් හරි හිස්. කෙනෙකුට ඔබ වෙනුවෙන් මැරෙන්න බැහැ. මගේ රෝසමල ඔබ වගේමයි කියලා සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් මගේ රෝසමල සියදහස් ගණන් වන රෝසමල්වලට වඩා බොහොම වැදගත්. මක්නිසාද මම වතුර දැම්මේ ඇයටයි. වීදුරු ආවරණයකින් මා වසා තැබුවෙ ඇයවයි, ආවරණයකින් මම රැකවරණය දුන්නෙ ඇයටයි. මම දළඹුවන් මැරුවෙ ඇය හින්දයි. (සමනලුන් වන්නට අප ආරක්ෂා කළ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඇරෙන්නට) ඇය මැසිවිලි නගද්දිත්, පුරසාරම් දොඩද්දීත්, සමහර විටෙක කිසිවක් කතා නොකර සිටිද්දිත් මම සවන් දුන්නෙ ඇයටයි. මක්නිසාද ඇය මගේ රෝසමල නිසයි.’ (82,83 පිටු)

    The Little Prince

    අන්තිමේ කුමාරයා තීරණය කළා තමන්ගෙ රෝසමල වෙත ආයෙම යන්න.

    අපි ආදරය කරන අය පිළිබඳව අපිට වගකීමක් තියෙනව. වැඩිහිටියන්ගෙ ලෝකෙ හරි පුදුම සහගතයි. විෂමයි. විකාරයි. සංකීර්ණයි. ඒ ලෝකෙන් මිදිලා පුංචි ළමයෙක් තරම් සරලව හිතුවම ඔබට හරිම ලේසියෙන් ආදරේ මුණගැහේවි. හදවතට කන් දෙන්න !

    The Little Prince – Antoine de Saint Exupery
    කුමරාන (පරිවර්තනය) – සුමිත්‍රා රාහුබද්ධ

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page