- අවශ්‍ය ද්‍රව්‍ය:කැලි කපා ගත් එළුමස් 500g
චොප් කර ගත් ඉගුරු, සුදුලුණු
බී ලුණු ගෙඩියක් පොඩියට කපා ගත්
කරාබු නැටි,කරදමුංගු, කුරුදුපොත්තක්
කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු
පොල් තෙල් අවශ්‍ය තරමට
සේර
අමු මිරිස් කරල් 4-5 ක්
තක්කාලි ගෙඩි 02ක්
රමිපේ, කරපිංචා
ලුණු
මුදවපු කිරි( කැමති නම්)
සදා ගන්නා ආකාරය:
පලමුව එළු මස්ටික සෝදා භාජනයකට දමා එයට මිරිස් කුඩු ටිකක්, බැදපු තුනපහ, කහකුඩු, ගමිමිරිස්, ලුනු, මු
ඉන්පසු ප්‍රෙෂර් කුකර් එක හෝ ගැඹුරු ගැබුරු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් දමා මුලින්ම ඉගුරු සුදු ලුණු එක්කරමින් පොඩ්ඩක් තෙම්පරාදු කරන්න . දැන් තලාගත් කරාබු නැටි, කරදමුංගු, බී ලූණු, සේර, රම්පේ, කරපිංචා, අමුමිරිස් දමා හොදට තෙම්පරාදු කර ගන්න. දැන් තක්කාලි එකතු කරන්න. දැන් මේකටම මිරිස් කුඩු ටිකක් එකතු කරන්න.
මේ සියල්ල හොදින් කලවම් කර එයට කලින් පහේ අතගාපු එළුමස් ටික දාගෙන හොදින් කලවම් කරන්න. සුළු වේලාවක් තෙම්පරාදු වෙන්න දීලා වතුර ටිකකුත් එකතු කර පිස ගන්න. (කැමති නම් අර්තාපල් අල එකතු කරන්න පුලුවන්) විසිල් 3 ක් යනකන් තැම්බෙන්න තියන්න ප්‍රෙෂර් කුකර් එකේ. (බත් එක්ක, රොටි, ඉදිආප්ප, උණු උණු රෝස්ට් පාන් මේ ඕනේ එකක් එක්ක මරු.)